Press Release
Written by Admin   
Monday, 22 September 2014
රාජපක්‍ෂ පාලනය ප්‍රතික්‍ෂේප වීම ඌවෙන් ආරම්භ වුණා - තිස්‌ස 

unp_press_2.jpgරාජපක්‍ෂ ආණ්‌ඩුව දැන් ගමනක අවසානයට පැමිණ තිබෙනවා. මේ මැතිවරණ ප්‍රතිඵලය එක්‌සත් ජාතික පක්‍ෂයට කොළ එළියක්‌. ඒ නිසා ඕනෑම මොහොතක ජාතික මැතිවරණයක්‌ පවත්වන ලෙස රජයට අභියෝග කරන බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා ඊයේ (21 දා) සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.ඉදිරියේ එළඹෙන ඕනෑම ජාතික මැතිවරණයකට තරග කර ඒ අභියෝගය ජය ගැනීමට එක්‌සත් ජාතික පක්‍ෂය සුදානම්. මේ ඌව පළාත් සභා මැතිවරණයෙන් සිදු වූයේ රාජපක්‍ෂ පාලනය ප්‍රතික්‍ෂේප වීමේ ආරම්භයයි.... ඉදිරි සියලු මැතිවරණවලින් රාජපක්‍ෂ පාලනය ප්‍රතික්‍ෂේප වීම වර්ධනය වනු ඇතැයිද එජාප මහ ලේකම්වරයා අවධාරණය කළේය.

ඌව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව අදහස්‌ දක්‌වමින් එජාප මහ ලේකම්වරයා මෙසේද කීවේය.

ආණ්‌ඩුව හතර ගාතෙන් වැටිලා අවසන්. ඒ නිසා ජනාධිපතිවරණයෙන් පැනල යන්න එපා කියලා රජයට අපි අභියෝග කරනවා. අපේ පක්‍ෂය නැවත එකමුතු වෙලා තිබෙනවා. පක්‍ෂයේ සමගිය මහජන අපේක්‍ෂාවයි. ඒ අපේක්‍ෂාව අනුව කටයුතු කිරීමේ වගකීම පක්‍ෂයේ සියලු දෙනාටම තිබෙනවා යි දිවයින ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා කීවේය.

මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක යන මහත්වරුද කතා කළහ.
 
Last Updated ( Monday, 22 September 2014 )