Press Release
Written by Admin   
Sunday, 07 September 2014

මොනරාගල දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ පානීය ජල ගැටලූවට මෙතෙක් විසදුමක් ලබාදීමට නොහැකි වූ ජනාධිපති, අපේක්ෂකයන් පිරිවරාගෙන ගොස් උවේ මැතිවරණ නීති කඩලා

11111111111111.jpgඌව පළාත තුළ මැතිඇමතිවරුන් සහ අපේක්ෂකයන් පිරිවරාගෙන ගොස් මහින්දෝදය විද්‍යාගාර සහ මොනරාගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය විවෘත කරමින් ජනාධිපතිවරයා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරයි.නිල බලය යොදාගනිමින් රාජ්‍ය නිලධාරීන් ඌව පළාතේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වලට යොදාගන්නා බවද එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සදහන් කළේය.කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡවකදී මේ බව සදහන් කළ මහලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ, දැඩි නියගයකට මුහුණ දී සිටින

මොනරාගල දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ පානීය ජල ගැටලූවට මෙතෙක් විසදුමක් ලබාදීමට නොහැකි වූ ආණ්ඩුව මුහුදු ජලය උපයෝගී කර ව්‍යාපෘතියක් සකස් කර එම ගැටලූවට විසදුම් ලබානොදෙන බවට සදහන් කරන බවත්ය.
Last Updated ( Saturday, 06 September 2014 )