Press Release
Written by Admin   
Friday, 29 August 2014

ආර්ථික සංගණනයකට මුවාවී රාජ්‍ය නිලධාරීන් ඡන්දයට යොදවන තැතක්‌
එජාපය මැතිවරණ කොමසාරිස්‌ට පැමිණිලි කරයි


moco2014.jpgආර්ථික සංගණනයකට මුවාවී රාජ්‍ය නිලධාරීන් 1500 ක්‌ ඌව පළාත් සභා මැතිවරණ ව්‍යාපාරයට යෙදවීමට ආණ්‌ඩුව ක්‍රියාකරමින් සිටින්නේ යෑයි එක්‌සත් ජාතික පක්‍ෂය මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා වෙත ඊයේ (28 වැනිදා) නිල වශයෙන් පැමිණිලි කළේය.ඌව පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සැප්තැම්බර් 04, 05 සහ 06 යන දිනයන්හි මේ රාජ්‍ය නිලධාරීන් යෙදවීමට ආණ්‌ඩුව සැලසුම් කර තිබෙන බව මැතිවරණ කොමසාරිස්‌ දේශප්‍රිය මහතාට පෙන්වා දුන් එක්‌සත් ජාතික පක්‍ෂ එක්‌සත් නායකත්ව මණ්‌ඩලයේ

   

සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ප්‍රධාන මන්ත්‍රීවරු මේ වැඩපිළිවෙළ වහාම නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ද ඉල්ලා සිටියහ.

මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි තොරතුරු සොයා බලන බවට සහතික වූ මැතිවරණ කොමසාරිස්‌වරයා ඌව පළාත් සභා මැතිවරණ සමයේ ආර්ථික සංගණනයක්‌ පැවැත්වීමේ අවශ්‍යතාවයක්‌ නොමැති අතර එවැනි සංගණනයක්‌ පවත්වනවා නම් ඒ සංගණනය සැප්තැම්බර් මස 20 න් පසුව පැවැත්විය හැකි බවද පෙන්වා දුන්නේය.

එක්‌සත් ජාතික පක්‍ෂය මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා වෙත මේ කරුණු ඉදිරිපත් කළේ කරු ජයසූරිය මහතා ප්‍රධාන මන්ත්‍රීවරුන් කොළඹ, රාජගිරිය මැතිවරණ මහ කොමසාරිස්‌ කාර්යාලයේදී මැතිවරණ කොමසාරිස්‌වරයා හමුවූ අවස්‌ථාවේදීය.

දේශබන්දු කරු ජයසූරිය මහතා සමග මේ අවස්‌ථාවට එක්‌සත් ජාතික පක්‍ෂයේ තිස්‌ස අත්තනායක, උප නායක ජෝශප් මයිකල් පෙරේරා, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග, එක්‌සත් නායකත්ව මණ්‌ඩල නායක සභික රවී කරුණානායක සහ සුරනිමල රාජපක්‍ෂ යන මහත්වරු එක්‌ව සිටියහ.

ආණ්‌ඩුව ඌව පළාත් සභා මැතිවරණය ඉලක්‌ක කොට ඌව පළාතේ භීෂණය සහ මර්දනය පතුරුවමින් ද, විවිධ භාණ්‌ඩ ජනතාව අතර බෙදාහරිමින් ද, රාජ්‍ය දේපොළ, මුදල් සහ නිලධාරීන් මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පාවිච්චි කරමින් ද, මැතිවරණ නීති රීති අමු අමුවේ උල්ලංඝණය කරන බව පෙන්වා දුන් දේශබන්දු කරු ජයසූරිය මහතා ප්‍රධාන එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරු මේ තත්ත්වය වහාම නවත්වා නිදහස්‌ සහ සාධාරණ මැතිවරණයක්‌ පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නැයි ඉල්ලා සිටියහ.

ඉදිරි මැතිවරණවලදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඡන්ද පොළේදීම සිදු කිරීමට හැකි වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන්නැයි මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලා සිටි එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඡන්ද මධ්‍යස්‌ථානයේදීම ඒ ඒ මැතිවරණවල ඡන්ද ගණන් කරනවා නම් ප්‍රතිඵල විශ්වාසදායී ලෙස ඉතා ඉක්‌මනින්ම ලබාදිය හැකි වන අතර කාලය, මුදල් සහ ශ්‍රමය විශාල වශයෙන් ඉතිරි වන්නේ යෑයි ද පෙන්වා දුන්හ.

ඡන්ද මධ්‍යස්‌ථානයේදීම ඒ ඒ මැතිවරණවල ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සිය විශේෂ අවධානය යොමු කළ මැතිවරණ කොමසාරිස්‌වරයා එවැනි විධිමත් සහ සාර්ථක ක්‍රමයක්‌ ඇති කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට ද එකඟ විය.

ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් විශේෂ කාර්ය බළකාය යොදවා ජංගම මුර සංචාර ගණන් වැඩි කරමින් භීෂණයට සහ මර්දනයට එරෙහිව ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර වහාම ගන්නැයි ද කරු ජයසූරිය මහතා ප්‍රධාන එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

එහිදී අදහස්‌ දැක්‌වූ එක්‌සත් නායකත්ව මණ්‌ඩලයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා - "ආණ්‌ඩුව භීෂණය සහ මර්දනය යොදවා ජනතාව බියගන්වමින් ද, ජනතාව අතර විවිධ භාණ්‌ඩ බෙදාහරිමින් ද, රාජ්‍ය දේපොළ, මුදල් සහ නිලධාරීන් යොදා ගනිමින් ද මැතිවරණ නීති රීති අමු අමුවේ උල්ලංඝණය කර ඌව පළාත් සභා මැතිවරණය කොල්ලකා ජය ගැනීමේ අසාර්ථක උත්සාහයක යෙදී සිටිනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත පැමිණිලි කළ අප නිදහස්‌ සහ සාධාරණ මැතිවරණයක්‌ පවත්වා මැතිවරණ කොමසාරිස්‌ ධුරයේ ගෞරවය, පිළිගැනීම සහ වැදගත්කම ආරක්‍ෂා කරන්නැයි ඉල්ලා සිටියා.

ඉන්දියාවේදී නම් මැතිවරණ කොමසාරිස්‌ ධුරය කියන්නේ ඉතාම ගෞරවාන්විත සහ අභිමානවත් තනතුරක්‌ වන අතර මැතිවරණ කොමසාරිස්‌වරයා එරට සැලකෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවා ලෙසයි.

ආණ්‌ඩුව දූෂණය, භීෂණය සහ මර්දනය යොදවා ඌව පළාත් සභා මැතිවරණය ජය ගැනීමට උත්සාහ කළත් ආණ්‌ඩුවේ දූෂණයට, භීෂණයට සහ මර්දනයට එරෙහිව ඓතිහාසික ඌව වෙල්ලස්‌ස ජනයා එක්‌සත් ජාතික පක්‍ෂය වටා එකට ඒaකරාශී වෙමින් සිටිනවා.

පෙර නොවූ විශාල උනන්දුවකින්, උෙද්‍යාaගයකින් සහ හැඟීමකින් යුතුව ජනීජනයා එක්‌සත් ජාතික පක්‍ෂය වටා එකට ඒකරාශී වෙමින් සිටින තත්ත්වයෙන් පැහැදිලි වන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයේ නියත විජයග්‍රහණයයි.

පැය 6 ක්‌ ඇතුළත මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ අපේ දේශපාලන කාර්යාල 28 ක්‌ කඩා විනාශ කිරීමේ සිද්ධියෙන් ද, නන්නාඳුනන කණ්‌ඩායම් ආයුධ සන්නද්ධව දිස්‌ත්‍රික්‌කයේ සැරිසැරීමෙන් ද පැහැදිලි වන්නේ ආණ්‌ඩුව පරාජය හමුවේ වියරු වැටීම හේතුවෙන් ඌව පළාත පුරා පතුරුවා තිබෙන භීෂණයේ තරමයි.

එම නිසා ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් විශේෂ කාර්ය බළකාය යොදවා ඒ අයගේ ජංගම මුර සංචාරය ගණන වැඩි කරමින් භීෂණයට සහ මර්දනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ සාමය ආරක්‍ෂා කරන්නැයි මැතිවරණ කොමසාරිස්‌වරයාගෙන් අප ඉල්ලා සිටිනවා."