Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Thai Pongal Wishes
Written by Admin   
Friday, 16 January 2015

Tissa Attanayake’s Thai Pongal message

තිස්ස අත්තනායකගේ තෛපොංගල් දින සුභ පැතුම..

thissa.jpg

ලැබුවා වූ තෛයපොංගල් උත්සවය සාමය සතුට පිරි සුභ කටයුතු ආරම්භ වන සෞභාගිමත් නව වසරක් වේවායි රටේ වෙසෙන සියලු දමිල ජනතාවට හා ලෝකවාසී සියලු ‍ජනතාවට මම එක්සිතින් ප්‍රාර්ථනා කරමි.

Read more...
 
Press Release
Written by Admin   
Thursday, 08 January 2015

ඇමති තිස්ස අත්තනායක ජන්දය දෙයි...

health_minster_vote_edit.jpgතිස්ස අත්තනායක මහතා අද(08) උදෑසන සිය ඡන්දය ප්‍රකාශයට පත්කොට ඇත.තිස්ස අත්තනායක මහතා කුණ්ඩසාලේ මැණික්හින්න විද්‍යාලයේ දී ද මෙලෙස ඡන්දය ප්‍රකාශ කොට ඇත..

 
Press Release
Written by Admin   
Thursday, 25 December 2014

merry-christmas1.jpgලක්වැසි සියලු දෙනාට සුභ නත්තලක් සහ නව වසරක් වේවායැයි මා ප්‍රාර්ථනා කරමි!

I wish you a Happy Christmas & Happy New Year 2015- Tissa

 
Press Release
Written by NOC   
Friday, 19 December 2014

'UNCLE NEPHEW PARTY' (UNP) එකේ පන්ති භේදය සහ අත්තනායක වාදය !!!!!

tissa-kandy-6.jpgතිස්සට මුකුත් බැහැ අඩුම ගානේ අපිත් එක්ක වයින් බොන්නවත්  දන්නෙත් නැහැ ,ගමේ ගොඩේ මිනිහෙක් ,තිස්ස ගිය එක හොඳයි."" අපි හිටියේ තිස්සව යවා ගන්න විදියක් නැතිව.""තිස්ස කියන්නේ ඡන්ද දිනන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි.""තිස්ස ගියා කියල අපිට කිසිම පාඩුවක් නැහැ.""තිස්ස ගිය නිසා පක්ෂය සුද්ද වුණා."මේ දවස්වල යූ.ඇන්.පී.එකේ දේශපාලනය නොකරන පක්ෂය පාලනය කිරිමට උත්සහ කරන යූ.ඇන්.පී කාරයන් කියන්නේ ඔන්න ඔය වාගේ කතාය. තමන්ගේ පක්ෂයේ මහ ලේකම් පක්ෂයෙන් අයින් වෙලා අනිත් පැත්තට ගියාම ඒ විදියට හිත සනසා ගන්නවා කියන්නේ හෙලුවෙන් ඉඳගෙන අත්දෙකෙන් ඇස් දෙක වහගන්නවා වාගේ වැඩකි. හෙලුවෙන් ඉන්න කෙනා තමන්ගේ අත් දෙකෙන් ඇස් දෙක වහ ගත්තාම තමාගේ හෙලුව තමන්ට නොපෙනෙයි.

Read more...
 
Press Release
Written by Admin   
Sunday, 14 December 2014

හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා පක්‍ෂයෙන් ඉවත්වීම එජාපයට දැරිය නොහැකි පාඩුවක් - රාමඤ්ඤ නිකායේ මහා නායක නාපාන පේමසිරි නාහිමියෝ...

napanapemasiri.pngහිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා එම පක්‍ෂයෙන් ඉවත්වීම එජාපයට දැරිය නොහැකි පාඩුවක් බවත් එනිසා එජාපයට යළි නැගිටීමක් ඇතැයි සිතිය නොහැකි බවත් රාමඤ්ඤ නිකායේ මහා නායක නාපාන පේමසිරි නාහිමියෝ පවසති.උන් වහන්සේ මෙසේ පැවසුවේ නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් තිස්ස අත්තනායක මහතා මහනුවර හිරිකඩුව විද්‍යාසාගර පිරිවෙනට ගොස් උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය.‘ඔබතුමා පක්ෂයට හොදින් සේවය කළා. හිතට එකගව මෙන්ම හිතට එකග නොමැති දේවල් පවා කරමින් පක්ෂය ආරක්ෂා කිරීමට කටයුතු කළා. මේ මොහොතේ ඔබතුමා ගත් තීරණය හොදයි.පක්ෂයෙන් ඉවත් වූ පිළිවෙළත් අගේ කරනවා. යම් තැනක ඉන්න බැරි නම් එතැනින් ඉවත් වීමේ වරක් නැහැ

Read more...
 
Press Release
Written by Admin   
Wednesday, 10 December 2014

පසුගිය කාලය තුළ විවිධ හැළ-හැප්පිලි  සහ කඩාකප්පල්කාරී ක්‍රියා මැද මා සමග එක්ව කටයුතු කළ සහ මට සහය ලබා දුන් ඔබ සෑමට මගේ අවංක ස්තුතිය!

tissa-front-view-a2.jpgඑක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත්වීමේ තීරණය සති කීපයක් තිස්සේ පරෙස්සමෙන් කරුණු කල්පනා කර බලා මා එළැඹුණු තීරණයකි. එහෙත් කිසි දිනක මම එක්සත් ජාතික පක්ෂය හැර නොයමි. කෙසේවුවද, පක්ෂ මහ ලේකම් තනතුරේ වගකීම සහ කාර්යභාරය ආත්ම ගෞරවයකින් යුක්තව ඉටු කිරීමට මට නොහැකි අතර එම ධුරයෙන් ඉවත්වීම හැරුණු කොට වෙනත් විකල්පයක් ද මා හට නොමැති බව පැහැදිලිය. පසුගිය කාලය තුළ විවිධ හැළ-හැප්පිලි සහ කඩාකප්පල්කාරී ක්‍රියා මැද මා සමග එක්ව කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, කොට්ඨාශ සංවිධායකවරුන්ටත්, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ටත්, අප පක්ෂයේ නිලධාරීන් සහ පාක්ෂිකයන්ටත්,
Read more...
 
Press Release
Written by Admin   
Tuesday, 09 December 2014

මා කිසිවිටෙක මුදලට මාගේ හර්දය සාක්ෂිය පාවා දුන්නෙ නැත !

තිස්ස, මෛත්‍රීපාල සිරිසේනට සහය නොදැක්වීමට හේතුව සම්පූර්ණයෙන් ..

thissaaaaaaaaaaaa.jpgඑක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත්වීමේ තීරණය සති කීපයක් තිස්සේ පරෙස්සමෙන් කරුණු කල්පනා කර බලා මා එළැඹුණු තීරණයකි. එහෙත් කිසි දිනක මම එක්සත් ජාතික පක්ෂය හැර නොයමි.....

මෛත්‍රීපාල විපක්ෂයට පැමිණීමෙන් පසු එජාප මහ ලේකම්වරයා ලෙස මා මුණ ගැසී, අඩුම තරමේ සම්ප්‍රදාය ගරු කිරීමටවත් මා සමග කතා බහ කර නොමැත. හිත හදාගෙන පක්ෂයේ කටයුතු කර ගෙන යන්නට පසුගිය සති කිහිපයේ මා කිහිප විටක්ම උත්සාහ කළද,මලික්-රවී-මංගල කල්ලියෙන් මට ඒ සඳහා ඉඩක් ලබා දුන්නේම නැත...

Read more...
 
Press Release
Written by Admin   
Tuesday, 09 December 2014

පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව තිස්ස‍ගේ සම්පූර්ණ ලිපිය....

tissa.jpgමා දේශපාලන ජීවිතය ආරම්භ කළේ මීට වසර 35 කට පෙර, එනම් 1981 දී, කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ සමවාදී ශිෂ්‍ය පෙරමුණෙනි. එහි සභාපතිවරයා වශයෙන් පක්ෂ මූලස්ථානයේ පූර්ණ කාලීනව සේවය කරමින් ආරම්භ කළ එම දේශපාලන ගමන නොයෙක් අභියෝගවලට මුහුණ දෙමින්, පක්ෂයේ මහ ලේකම්වරයා දක්වා මා පැමිණියේ මාගේ දැඩි කැපවීම සහ දක්ෂතාව මත විනා කිසිවෙකුගේ හිතවත්කම්වලට ලැබුණු වරප්‍රසාද මත නොවේ.   .....

Read more...
 
Press Release
Written by Admin   
Sunday, 07 December 2014
එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය

samelanaya2014.jpgසම්මෙලනය2014පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට පූර්ණ සහය පළ කළ යුතු බවට වූ යෝජනාවක් සම්මත කර ගැනිම සදහා කැදවු එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අද (06) දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත් විය. එජාප නායක රනිල් වික්‍රමසිංහ,මහලේකම් තිස්ස අත්තනයක, නායකත්ව මණඩල සභාපති කරු ජයසුරිය නියූජ්‍ය නායක සජිත් ප්‍රෙමදාස,මහත්වරුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු විශාල එජාප පාක්ෂිකයින් පිරිසක්මේ සදහා සහභාගි විය
 
Press Release
Written by Admin   
Thursday, 04 December 2014

United National Party ready for special convention

sammelanaya_sirikota_2010_2.jpgMain opposition United National Party (UNP) ready for special convention, which will be held at the Sirikotha, the party head quarters in Pitakotte.The convention will start on Saturday at 9.30am and is expected to continue till noon with the participation of over 7,000 members from all electorates .

 
<< Start < Prev 21 22 23 24 25 26 27 28 29 30 Next > End >>

Results 201 - 210 of 2062

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons