Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Wednesday, 10 June 2009

එජාපය දින120 ක් තුල මෙහෙයුම් කමිටු 10000 ක් සාදා  ඕනෑම මැතිවරණයකට එනවා!

Imageඑක්සත් ජාතික පක්‍ෂය ජාතික මැතිවරණයකට සූදානම් වීමට තීරණය කොට තිබේ. මේ තීරණය ගෙන තිබෙන්නේ ඊයේ පැවැති පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය. ආණ්ඩුව විවිධ මැතිවරණ ගැන කථා කළත් කුමන මැතිවරණයක් පවත්වනවා දැයි ප‍්‍රකාශ කර නැති බැවින් මොන මැතිවරණයක් පැවැත්වූවත් එයට මුහුණදීම සඳහා මෙම තීරණය ගෙන ඇති එජාපය,

පක්‍ෂයේ බිම් මට්ටමේ පක්‍ෂ සංවිධාන ජාලය ප‍්‍රතිසංවිධානය කරමින් ඡන්ද මධ්‍යස්ථාන මට්ටමෙන් මැතිවරණ මෙහෙයුම් කමිටු 10,000 ක් දින 120 ක් තුළ ස්ථාපිත කිරීමටත් එම මෙහෙයුම් කමිටුවලට ජනතා සහභාගීත්වය ලබා ගැනීමටත්, මෙසේ පිහිටුවනු ලබන සෑම මැතිවරණ මෙහෙයුම් කමිටුවකටම ජනබල ලේකම්වරයකු පත් කිරිමට හා එම කටයුතු ජූලි 15 වන දින අවසන් කිරීමටත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ප‍්‍රකාශ කරයි.

ජාතික මැතිවරණයට මුහුණදීම සඳහා පක්‍ෂය දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය නායකයිනට හා නිලධාරීනට බලය පැවැරීමට හා ජාතික මැතිවරණයක් වෙනුවෙන් පුළුල් සන්ධානයක් පිහිටුවීමට ප‍්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගත් බවද මහලේකම්වරයා සඳහන් කරයි.

මේ අතර, ඌව පළාත් සභාවටත්, යාපනය මහනගර සභාවට හා වවුනියාව නගර සභාවටත් තරඟ කිරීමට එජාපය ප‍්‍රතිපත්තිමය තීරණයක් ද ගෙන ඇත. විශේෂයෙන් යාපනය හා වවුනියාව පළාත් පාලන මැතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්විය හැකි වාතාවරණයක් ඇති කිරීමට මැදිහත් වන ලෙස එජාපය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි පවසන එජාප මහ ලේකම්වරයා මැතිවරණ කොමසාරිස්වරයා හරහා එම ඉල්ලීම රජයේ අවධානයට යොමු කරවන බවද කීවේය.

අද පෙරවරුවේ විපක්‍ෂ නායක නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී මේ තොරතුරු අනාවරණය කළ අත්තනායක මහතා, විදුලිය ගාස්තු වැඩි කිරීමට විදුලි බලමණ්ඩලය ගත් තීරණය අධිකරණය මඟින් කි‍්‍රයාත්මක කිරීම අත්හිටුවූවත් යළි විදුලිය ගාස්තු වැඩි කිරීමට සූදානම් වන බවත් විදුලි බල මණ්ඩලය පාඩු ලබන බවට ඇමැතිවරයා කරන ප‍්‍රකාශ අනුව පෙනී යන්නේ විදුලිය ගාස්තු වැඩිකර ජනතාව පිට තවත් අතිරේක බරක් පැටවීමට වත් කීය. විදුලි බලමණ්ඩලයේ සිදුවන ¥ෂණ නාස්ති අක‍්‍රමිකතාවලට වගකිව යුත්තේ ජනතාවදැයි ඒ මහතා ප‍්‍රශ්න කළේය. එක්තරා පෞද්ගලික ආයතනයක් තිරිඟු පිටි කිලෝවක මිලද රුපියල් 6.50 කින් වැඩි කරන්නට යන බවට වාර්තාවී තිබෙන බව පෙන්නා දුන් ඒ මහතා, දැන් යුද්ධය අවසන් ජනතාවට සහනයක් ලබාදෙන්නැයි කීය.  

 

සහන වෙනුවට ජනතාව පිට තවත් බර පැටවීම බලවත් අසාධාරණයක් බව පැවැසූ එජාප මහලේකම්වරයා ලෝක වෙළෙඳ පොළේ මිල අඩුවීමේ සහනය ජනතාවට ලබාදිය යුතු බවත්, යුද්ධය නිසා ඉවසූ ජනතාවට ආණ්ඩුව සහන නොදෙන්නේ ඇයිදැයි ප‍්‍රශ්න කරන බව කීය.

ආණ්ඩුවට බැඳෙන්නැයි තවත් දේශපාලන පක්‍ෂවලට ඇරියුම් කරමින් ඔවුනට ඇමැති තනතුරු දෙන බවද ප‍්‍රකාශ කරන බවත්, 110 ක් වන ඇමැති මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව සියයට 40 කින්වත් අඩුකර ඇමැති නඩත්තුව සඳහා වැය කරන කෝටි ගණනක මුදලින් ජනතාවට සහනයක් දෙන්නට බැරිදැයි අසන බවත්, අද ආණ්ඩුවේ උපදේශකවරුන් 168 දෙනකු සිටින අතර, ඔවුනට රුපියල් කෝටි ගණනින් වැය කරන්නේ කුමක් සඳහාදැයි ප‍්‍රශ්න කළේය. හොරකම, ¥ෂණය, වංචාව නතර කරන්නට අවශ්‍ය නැතැයි ආණ්ඩුවට චෝදනාවක් එල්ල කළ එජාප මහලේකම්වරයා, ලක්‍ෂ ගණන් අවතැන්වූ ජනතාව අද කඳවුරුවල ආහාර නැතිව දුක්විඳින බවත්, අසාධාරණ ලෙස ජනතාවට බරපටවන කිසිම තීන්දුවකට එජාපය එකඟ නැතිවාක් මෙන්ම එවැන්නකට දැඩි ලෙස විරෝධය පළ කරන බව ඔහු කිවේය.

 

ආණ්ඩුවේ කොටස්කරුවකු වන ඇමැති තනතුරකටත් එහාට ගොස් ඇති විමල් වීරවංශ මහතා ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු වන තිස්ස විතාරණ මහතා දැඩි විවේචනයකට ලක්කරමින් සර්වපාක්‍ෂික නියෝජිත කමිටුව හා එය ඉදිරිපත් කරන්නට යන විසඳුම් යෝජනාවලට එරෙහිව තදබල ලෙස පහරදෙන බවත්, ආණ්ඩුව තුළ එක් මතයක සිට දේශපාලන යෝජනාව ඉදිරිපත් කළ යුතු වුවත්, වීරවංශ මහතා හරහා කෙරෙන ප‍්‍රකාශ තුළින් පෙනී යන්නේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට විසඳුමක් ලබාදීම ප‍්‍රමාද කිරීමට ගෙන යන උපක‍්‍රමයක් ලෙස බව කීය. විමල් වීරවංශගේ පහරදීමෙන් ආණ්ඩුවට විසඳුමක අවශ්‍යතාවක් නැති බව පෙනී යන්නේ යයිද අත්තනායක මහතා පැවැසීය.

 

ආණ්ඩුවේ විසඳුම කුමක්දැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ඒ මහතා ඉල්ලීමක් ද කළේය. 

Last Updated ( Friday, 12 June 2009 )
 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons