Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
press release PDF Print E-mail
Sunday, 03 May 2009

මේ වසරේ ගෑස් මිල වැඩි කළොත් ඉල්ලා අස්වන බව කී බන්දුලට දැන් එ සඳහා අවස්ථාවයි ! එජාප මහ ලේකම්වරයා සිය නිවේදනයෙන් පෙන්නා දෙයි

Imageයුද්ධයට මුවාවී තමන් හම්බකර ගැනීමත් ජනතාව පීඩාවට පත් කිරීමත් ආණ්ඩුවේ කාර්යභාරය වී තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.ගෑස් හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් ඉහත සඳහන් කරන එජාප මහ ලේකම්වරයා මේ වසරේ ගෑස් මිල වැඩි කිරීමට සිදුවුවහොත් තමන් ඉල්ලා අස්වන බවට ප‍්‍රකාශ කළ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාට දැන්

සඳහා අවකාශ ලැබී තිබෙන බවත් නමුත් ඔහුට එවැනි තීරණයක් ගැනීමට තරම් දේශපාලන හයියක් හා පිටකොන්දක් නොමැති බවත් ප‍්‍රකාශ කරයි.

 

මෙතෙක් පැවැත්වූ සෑම පළාත් සභා මැතිවරණයක් අවසන් වූ විගස මේ ආණ්ඩුව කළේ බඩු සහ බදු වැඩි කළ මගම යමින් බස්නාහිර මැතිවරණයෙන් පසුව ගෑස් සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිළ වැඩි කරමින් පාරිභෝගික ආරක්‍ෂාව සඳහා තිබූ ගැසට් නියෝගයන් සියල්ලද අවලංඟු කළ බවත් දැන් කිසිදු සීමාවකින් තොරව බඩු මිල වැඩි කිරීමට නීතියෙන්ම අවසර ලැබී තිබෙන බව එම නිවේදනයේ දැක්වේ.

ශ‍්‍රී ලංකාවේ ගෑස් මිල ඉහළ නැංවුණේ ලෝක වෙළඳ පොලෙහි ඉන්ධන මිල පහත බැස තිබෙන අවස්ථාවකදීය. ලෝකයේ වෙනත් රටවල් ඉන්ධන සහ ගෑස් මිල පහත හෙළද්දී ශ‍්‍රී ලංකා ආණ්ඩුව එ්වායේ මිල ඉහළ දමමින් සිටින අතර අධිකරණය මගින් නියෝග කළ ඉන්ධන මිල සහනය පවා ජනතාවට ලබා දීම ආණ්ඩුව පැහැර හැර තිබෙන බවත් එසේම ජනතාවගේ ඇස් වසමින් විදුලි බිලද ඉහළ නංවා ඇති බවත් එජාප මහ ලේකම්වරයා සිය නිවේදනයෙන් පෙන්නා දෙයි.

නිමල් සිරිපාල ඇමතිවරයා පසුගියදා ප‍්‍රකාශ කළේ එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය ප‍්‍රකාශ කරන ජනතාවට පිදුරු කැවිය යුතු බවය. එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට පමණක් නොව සමස්ත ලංකාවාසී ජනතාවටම පිදුරු කැවීම මේ ආණ්ඩුවේ අරමුණ බව දැන් ඉතා පැහැදිලි බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය. 

Last Updated ( Sunday, 03 May 2009 )
 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons