Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Thursday, 30 April 2009

බෞද්ධ රාජ්‍යයේ පන්සල් 2000 ක් වැසීගොස් සුරාසල් වැඩියෙන් ඇරිලා! - තිස්ස

Imageආණ්ඩුව යුද්ධයේ උපරිම තැනට පැමිණ යුද්ධය හොඳින් අලෙවි කළත් බස්නාහිර පලාත් සභා මැතිවරණයේදී ලබා ගැනීමට හැකි වූයේ 2004 ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප‍්‍රමාණයටත් වඩා ඡන්ද 4,000 ක් අඩුවෙන් බව එක්සත් ජාතික පක්‍ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.අත්තනායක මහතා එසේ පැවැසුවේ රට මුහුණ දී තිබෙන අර්බුදය ගැන මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ විපක්‍ෂ නායක නිල නිවසේ අද පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡවේදීය.

යුද්ධය උච්චතම අවස්ථාවට ගෙනැවිත් හමුදාවේ සෙබළුන් දහස් ගණනකගේ ජීවිත පරිත්‍යාග කර ලක්‍ෂ 02 කට පමණ පිරිසක් අනාථ භාවයට ඇද දමා ආණ්ඩුව යුද්ධය නතර කරන්නේ ඇයි දැයි ප‍්‍රශ්ණ කළ එ් මහතා ආණ්ඩුව අතර මඟ යුද්ධය නතර කරන්න නම් යුද්ධ කළේ මොකට දැයි විමසීය.

ජනාධිපති මැතිවරණය 2010 අපේ‍්‍රල් වලට කලින් පවත්වන බැවින් පුළුවන් නම් එම මැතිවරණයට ඉදිරිපත් වී ජය ගන්නැයි ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා එජාපට කළ අභියෝගය ගැන සඳහන් කළ අත්තනායක මහතා එජාපය මැතිවරණ වලට බයෙන් පැන යන පක්‍ෂයක් නොවන බවත් ආණ්ඩුව තමන් ගැන ලොකු විශ්වාසයක් ඇත්නම් කඩින් කඩ මැතිවරණ නොපවත්වා එකවර මැතිවරණ පවත්වන ලෙසට අභියෝග කළේය.

කඩින් කඩ මැතිවරණ පවත්වන නිසා මේ රටේ මුදල් හා ජාතික සම්පත් විශාල වශයෙන් වැය කරන බවත් ආණ්ඩුවට අද මුදල් නොමැති නිසා මඟ නැගුම හා ජාතික සවිය වැනි සංවර්ධන ව්‍යාපෘති නතර කර දමා ඇති බවත් අත්තනායක මහතා කීවේය.

එජාපයෙන් ගිය ලක්‍ෂ්මන් යාපලා වගේ අය අද ආණ්ඩුවේ ඇමැති ධුර දරන්නේ එජාප සාමාජිකයින්ගේ හයියෙන් බවත් ඔවුන් අද එය අමතක කර ඇමැතිකම් රැුක ගැනීමට ආණ්ඩුවට කඬේ යන බවත් කී අත්තනායක මහතා ආණ්ඩුව වෙනුවෙන් අද කතා කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අය නොව ඩුප්ලිකේට් අය බවත් කීය.ආණ්ඩුව පැය 24 ක සටන් විරාම කාලයක් ලබා දුන්නේ ප‍්‍රභාකරන්ට පැන යන්න දැයි රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් කළ ප‍්‍රශ්න කිරීමට පිළිතුරු වශයෙන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා රනිල් වික‍්‍රමසිංහ මහතා වඳවී ගෙන යන දේශපාලන සත්වයෙකු බවට ප‍්‍රකාශයක් කර ඇති බවත් මේ රටේ ධනය, සම්පත් හා ජීවිත විනාශ කරමින් ගෙන ගිය යුද්ධය අවසානයේ හතුරාට වාසි ගෙන දෙන්නේ නම් එ් ගැන ප‍්‍රශ්න කිරීමට රනිල් වික‍්‍රමසිංහ මහතාට අයිතියක් ඇති බවත් රටින් පැන ගිය ලංකාවේ අර්ධ පුරවැසියෙකු වන අලහප්පෙරුම මහතාට වඩා රට ගැන කතා කරන්නට එජාපයට අයිතියක් ඇති බවත් අත්තනායක මහතා සඳහන් කළේය.

විදේශ වලට යටත් නොවී අපේ රටේ ජනතාවට කන්න බොන්න නැත්නම් පන්සල් වල තිබෙන රත්තරන් බුදු පිළිම හෝ විකුණා ජනතාවට කන්න දෙන බවට ජාතික හෙළ උරුමයේ පුරා විද්‍යා චක‍්‍රවත්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් විසින් පුවත්පත් වලට ප‍්‍රකාශ කර තිබූ බව කී අත්තනායක මහතා බුදු පිළිම විකුණා කන්න දෙනවා යැයි කීමෙන් මේ රටේ බෞද්ධ ජනතාවට මේධානන්ද හිමියන් අපහාස කර ඇති බවත් ලෝක ආර්ථික අර්බුදයම විසඳාගන්න මහින්ද චින්තනය අනුගමනය කරන්නැයි කිව් ජාතික හෙළ උරුමය පළමු වතාවට රටේ ආර්ථික අර්බුදයක් ඇති බව පිළිගෙන ඇතැයි කිවේය.

බෞද්ධ රාජ්‍යයක් ගොඩ නගනවා යැයි කියා පාර්ලිමේන්තුවට ආ ජාතික හෙළ උරුමය වෛරය ගොඩනගමින් ජාතීන් අතර අවිශ්වාසය හා සැකය නිර්මාණය කර ඇති බවත් මේ වන විට බෞද්ධ රාජ්‍ය කෙසේ වෙතත් පන්සල් 2,000 කට වැඩි ප‍්‍රමාණයක් වැසී ගොස් සුරා සල් විශාල සංඛ්‍යාවක් රටපුරා විවෘත වී ඇති බවත් අත්තනායක මහතා පෙන්වා දුන්නේය.

Last Updated ( Thursday, 30 April 2009 )
 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons