Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
press Release PDF Print E-mail
Tuesday, 07 April 2009

නිදහස් සන්ධානයේ පිරිසක් විසින් එජාප ආධාරකරුවන් පිරිසකට පහර දුන්නැයි එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා ප‍්‍රමුඛ පාක්‍ෂිකයෝ මග්ගොනදී උද්ඝෝෂණ !

එජාපයේ මැතිවරණ රැස්වීමකට සැරසිලි කරමින් සිටි ආධාරකරුවන් පිරිසකට මග්ගොනදී නිදහස් සන්ධානයේ යැයි කියාගත් පිරිසක් විසින් පහර දීමේ සිද්ධියට විරෝධය පළකරමින් එජාප මහලේකම් තිස්ස අත්තනායක ප‍්‍රමුඛ පාක්‍ෂිකයෝ මග්ගොන නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.

Image  Image  Image 

"සාමකාමි ඡන්දයකට මැර බල්ලන් ගැට ගසව්" -  "මැර බලය රජයනවා පොලිසිය නිදියනවා" ආදි වැකි සහිත පුවරු රැගත් උද්ඝෝෂකයෝ විරෝධතා පාඨ කියමින් විරෝධතාවේ යෙදුණහ. එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා මෙසේ පැවැසීය.

Image"පසුගිය සති දෙක තුන ඇතුළත බස්නාහිර පළාතේ ප‍්‍රදේශ ගණනාවක අපේ පක්‍ෂ සාමාජිකයන්ට පහරදීමේ සහ බිය වැද්දීම් වැනි කි‍්‍රයා බොහොමයක් සිදුවී තිබෙනවා. මේවා නවත්වන්නට මේ ආණ්ඩුවට අවශ්‍යතාවක් නැහැ. අප ආණ්ඩුවට බලකරන්නේ මැතිවරණ නීතිරීති කඩමින් මේ විදිහට බියගැන්වීම් සහ මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම්වලට බාධා කරමින් තවදුරටත් පහරදීම් කරන්න එපා කියලයි. බස්නාහිර පළාතේ ප‍්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව ජනතාව බියවැද්දීමෙන් මැතිවරණය ජය ගන්න උත්සාහ කරනවා." යනවුවෙන් අත්තනායක මහතා පැවසීය.
Last Updated ( Tuesday, 07 April 2009 )
 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons