Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Thursday, 02 April 2009

බස්නාහිර පළාත් සභාව එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කොට දූෂිත සන්ධාන ආණ්ඩුව පෙරලා දමනවා - මහ ලේකම් තිස්ස අත්තනායක

Imageබස්නාහිර පළාත් සභාව එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කොට මාස 6ක් ඇතුළත දූෂිත සන්ධාන ආණ්ඩුව පෙරලා දමන බව එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.  වර්ථමානයේ රටේ උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ ඉදිරි මාස කිහිපය තුළ මහා මැතිවරණයක් කැඳවීමට රජයට නියත වශයෙන්ම සිදුවන බවත් ඒ මැතිවරණයේදී 

දූෂිත ආණ්ඩුව ගෙදර යැවීම සඳහා ජනතාව පෙළගැසී සිටින බවත් හෙතෙම පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේද කීය. පසුගියදා පැවති වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය ගැන ආණ්ඩුව අද විවිධ කතා පතුරවමින් සිටිනවා. මේ ඡන්ද ප්‍රතිඵලය ගැන කවුරුවත් කලබල විය යුතු නැහැ.

වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණය නිදහස් සහ සාධාරණව පැවැත්විය යුතු බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා නමුත් ඒ මැතිවරණය දූෂිත මැතිවරණයක් බව අද මුළු රටම දන්නවා. මැතිවරණයක් දූෂිත වන්නේ ඡන්ද පෙට්ටි පැහැර ගෙන ඡන්ද මධ්‍යස්තාන වලට ගිනි තබා විනාශ කිරීමෙන් පමණක් නොවෙයි.

මේ මැතිවරණයේදී ආණ්ඩුව උපරීම ලෙස රාජ්‍ය සම්පත් යොදා ගත්තා. රාජ්‍ය වාහන රජයේ මුදල් දේපල අසීමිතව භාවිතා කළා. එපමනක් නොවෙයි රාජ්‍ය මාධ්‍ය සම්පූරණයෙන්ම සන්ධානයේ ප්‍රචාරක වැඩකටයුතුවලට යොදාගෙන ජනතාවට පුරසාරම් දෙඩුවා.

මැතිවරණය ප්‍රකාශයට පත් කළ දා සිටම ජනාධිපතිවරයා මහනුවර සිය මන්දිරයට වී සන්ධානයේ අපේක්‍ෂක කණ්ඩායම සහ පළාත් ජනතාව එහි ගෙන්වා ඔවුන්ට කන්න බොන්න ලබාදී තැගී බෝග ලබාදී විශාල මැතිවරණ ව්‍යාපාරයක නිරත වුණා.

අද එක්සත් ජාතික පක්‍ෂය විනාශ කර දැමීමට ආණ්ඩුව උත්සහ කරනවා. නමුත් මේ කිසිඳු බලවේගයකට එජාපය විනාශ කළ නොහැකියි. අද සියළු දෙනා එකට අත්වැල් බැඳගෙන එක්සත් ජාතික පක්‍ෂය ආරක්‍ෂා කරමින් බස්නාහිර පළාත් සභාවේ ජය තහවුරු කර මහා මැතිවරණයක් ලබා ගැනීමේ සටනට ඒකරාශී විය යුතුයි.

හිටපු පළාත් සභා මන්ත්‍රී සහ මහරගම එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක නිමල් ආර් පීරිස් මහතා

එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ මහරගම ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යෑමේ අවස්ථාව මට උදා වුණා. ඒ මන්ත්‍රීධූරය දරමින් මේ ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් කිරීමට මට හැකි වුණා. මගේ ඒ ජනතා මෙහෙවර ඉදිරියට ගෙන යාම මගේ එකම අරමුණයි.

1988 – 1989 කාල වකවානුවේදී මේ රටේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ භීෂණයට අප මුහුණ දුන්නා. කිසි විටෙකත් ජනතාව අප තනි කළේ නැහැ. මගේ මේ නිවසේ දොරගුළු එදත් අදත් ජනතාවට විවෘත්තයි.

රණසිංහ පේමදාස ජනධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ මහරගම සහ අවට ප්‍රදේශවල පපනීය ජල අවශ්‍යතා සපුරාලීමට මට හැකිවුණා. එපමණක් නෙවෙයි මේ ප්‍රදේශවල දියුණුවට ජනතාව වෙනුවෙන් විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියා කළා.

මේ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සිය ගොල බාලයින් මාර්ගයෙන් දූෂණය භීෂණය ඇතිකරන්න ක්‍රියා කරවී. නමුත් අපි ඒ ඕනෑම දේකට සූදානම්. මගේ පාක්‍ෂිකයෙකුට අත තියන්න මා ඉඩදෙන්නේ නැහැ. මේ පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා අප අත්වැල් බැඳ ගමු.

රට ගොඩනැගීමේ දර්ශනයක් වැඩපිළිවෙළක් තිබෙන්නෙ එක්සත් ජාතික පක්‍ෂයටයි. රනිල් වික්‍රමසිංහ නායකතුමා යටතේ මේ රට ගොඩ නැගීමේ කටයුත්ත ලබන අප්‍රේල් 4 වැනිදා පැවැත්වෙන බස්නාහිර පළාත් සභාව ජයග්‍රහණය කිරීමන් පසු අප අරඹනවා.

එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා

බස්නාහිර පළාත් සභා මැතිවරණයට සාර්ථකවම මුහුණදී එහි ජය එක්සත් ජාතික පක්‍ෂයට හිමිකර ගැනීමට අප සැලසුම් කොට තිබෙනවා. බස්නාහිර පළාත නියෝජනය කරමින් කොළඹ කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක තුනින් ප්‍රභල කණ්ඩායම් තුනක් මැතිවරණ සටනට අප ඉදිරිපත් කළා.

සන්ධාන ආණ්ඩුව අද යුද්ධයට මුවා වී ජනතාවගේ බඩට ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ වී තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් දිනපතා ඉහල යනවා. ජල ගාස්තු 100% කින් ඉහළ දැමුවා විදුලිබිලත් ඒ ආකාරයටම ඉහළ දැමුවා. හෙට අනිද්දා වන විට වැසිකිලි බද්දක් පැණවීමට කටයුතු කරනවා.

එල්ටීටීඊ සංවිධානය සහ ප්‍රභාකරන් යනු එක්සත් ජාතික පක්‍ෂයේ පරම හතුරන් අපේ පක්‍ෂයේ නායකයෝ ගණනාවක් ඝාතනය කළා පාක්‍ෂිකයන් ඝාතනය කළා. කවුරුහරි එජාපයට එල්ටීටීඊ ලේබලය අලවා ජනතාව මුලා කරන්න හදනවා නම් එය බොලඳ උත්සාහයක් අපේ පක්‍ෂය සැමදාමත් රට සහ ජනතාව වෙනුවෙන් ක්‍රියා කළා.

වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණය යුද්ධය පෙන්වලා ජයග්‍රහණය කළා. නමුත් ලක්‍ෂ 10කට අධික පිරිසක් මෙම ඡන්දයේදී සිය වටිනා ඡන්දය පාවිච්චිකිරීමට ඡන්දපොලට පැමිණියේ නැහැ. මේ තත්ත්වය උඩ ආණ්ඩුව ඒ ඡන්ද ප්‍රතිඵලය ගැන උදම් ඇනිය යුතු නැහැ.

කොළඹ දිස්ත්‍රික් එජාප කණ්ඩායම් නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා

මේ රට සංවර්ධනය කොට දුවා දරුවාට යහපත් අනාගතයක් උදා කරදීම සඳහා අතීතයේ සිට බලයට පත් වූ සෑම එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක්ම ක්‍රියා කළා. නමුත් වරින්වර බලයට පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ වාමාංශික ආණ්ඩු ඒ සියල්ල විනනශ කළා. අද සිදුවෙන්නේ ඒ දේවල්මයි.

මේ සන්ධාන ආණ්ඩුවට රට ගොඩගැනීමේ දර්ශනයක් වැඩපිළිවෙලක් නැහැ. මේ අය කරන්නේ හොරකමට දූෂණයට මුල්තැන දීමයි.

පසුගිය කාලයේ මේ බස්නාහිර පළාත් සභාව සන්ධානය යටතේ පාලනය කළත් ජනතාවට කිසිඩ්ගු සෙතක් සැලසී නැහැ. මේ දූෂිත පාලනය වහා වෙනස් කොට එක්සත් ජාතික පක්‍ෂ පළාත් සභාවක් පිහිටුවීම සඳහා සියළු දෙනා අත්වැල් බැඳගත යුතුයි.

ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ කණ්ඩායම් නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා.

ඉතිහාසයේ කවරදාකටත් වඩා අපේ ජාතික කොඩිය සන්ධාන ආණ්ඩුව යටතේ හැරහීමකට ලක්කොට තිබෙනවා. අද හරකා මරන තැන මාළුවාගේ බෙල්ල කපනතැන්, කුකුලාගේ බෙල්ල කපන තැන සිංහ කොඩිය ඔසවලා.

අද ඇතැම් අය ප්‍රකාශ කරනවා රනිල් වික්‍රමසිංහ රට පාවාදුන්නා කියා ඉතිහාසයේ කිසි දිනෙක රනිල් වික්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්‍ෂයේ කිසිවෙක් රට පාවාදීමට හෝ ඊට අනුබලදීමට හෝ ක්‍රියා කර නැහැ.

නමුත් 1994 දී එක්සත් ජාතික පක්‍ෂය චන්ද්‍රිකා කුමාරතුංගට කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම ඇතුළු උතුරේ ප්‍රදේශ භාර දෙන විට ඒ ප්‍රදේශවල කොටි ත්‍රස්තවාදීන් සිටියේ නැහැ. එදා අප භාරදුන් මේ ප්‍රදේශ අද නැවත ඒ තත්ත්වයට පත් කිරීමට මේ ආණ්ඩුවම උත්සහ කරනවා.

1994 දී කොටි ත්‍රස්තවාදීන් නොමැතිව අප භාරදුන් ඒ ප්‍රදේශ එදා සිට කොටි ත්‍රස්තවාදීන් යටතට පත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ ආණ්ඩුයි. ඉතින් අද ඒ ප්‍රදේශ ඔවුන් විසින්ම මුදවා ගන්නවා. එය ඔවුන් කළ යුතුමයි.

එදා ප්‍රධාන හමුදා කඳවුරු 18 ක් සහ අනුකණ්ඩ හමුදා කඳවුරු 300 – 400ක් අපට අහිමි කළා. එපමණක් නොවෙයි දහස් ගණනක් රණවිරු ජීවිත රටට අහිමි කළා. තවත් දහස් ගණනක් අතුරුදහන් වුනා. තවත් දහස් ගණනක් ආබාධිත තත්ත්වයට පත් වුණා. එවැනි තත්ත්වයකට රට පත් කළ අය සත්‍ය වසන් කරමින් රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කරමින් ජනතාවගේ ඇස්වලට වැලි ගසා ජනතාව මුලා කරන්න උත්සහ කරනවා.

1987 ජේ. ආර්. ජයවර්ධන මහතා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොට ප්‍රකාශ කළේ පැය 72 ඇතුළත කොටි ත්‍රස්තවාදීන්ගේ අවි ආයුධ භාර දිය යුතු බවයි. එදා ප්‍රභාකරන් බලුකුක්කෙක් වගේ පලෙයිවලට පැමිණ ආයුධ ලොරිවල පටවා එව්වා. ඒ බව මේ රටේ පුවත්පත් වල පව වුනා. එදා මේ යුධමය තත්ත්වය වාර්තා කිරීමට ඒ ප්‍රදේශවල යෑමට අවකාශ ලැබුණේ දිවයින පුවත් පතේ මාධ්‍යවේදී ගයිරුක පේරුසිංහ මහතාටයි ඒ කාලවකවානුවේදී ප්‍රකාශයට පත් වූ දිවයින පුවත් පත සහ අනෙකුත් වාර්තා බලන ඕනෑම අයෙකුට සත්‍ය කුමක්ද කියා අවබෝධ වෙයි.

2001 බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව මේ රටේ යුධ ගිනිදැල් නිවා දැමීමට කටයුතු කළා. සාම ගිවිසුමක් අූසන් කළා. කවුරු මොනවා කිව්වත් ඒ සාම ගිවිසුම නිසා කරුණා අම්මාන් එල්ටීටීඊයෙන් වෙන් වුණා. පිල්ලේයාන් එල්ටීටීඊයෙන් වෙන් වුණා. ඒ කාලය තුල අප යුධමය වශයෙන් ශක්තිමත් වුණා. ඉතිහාසයේ කිසිදිනෙක නොලැබූ ආකාරයට ඇමෙරිකානු රජයෙන් යුධ නෞකාවක් පවා අපට හිමි වුණා. රනිල් වික්‍රමසිංහ මහතාට දොස් නගමින් ජනතාව තුළ වැරදි චිත්‍රයක් මවා පාමින් අද මේ ආණ්ඩුවට යුූඩ්ධය කිරීමට හැකිව තිබෙන්නෙ ඒ සටන් විරාම ගිවිසුම නිසයි. එය තමා සත්‍යය.

මේ රටේ මුදුන් මල්කඩ බඳු දළදා මාලිගාවට පහර දුන් කරුණා අම්මාන් සන්ධාන ආණ්ඩුවේ ඇමතිවරයෙක් බවට පත් කළා. ජයශ්‍රී මහා බෝධියට පහර දුන් පෙල්ලෙයාන්ට සුදු අන්දවා මහ ඇමතිධුරයට පත් කළා. නමුත් අපේ උපාසක අම්මලා මේ ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. අපේ මහා නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය මේ ගැන වචනයක්වත් කථා කරන්නේ නැහැ. මේ වැඩේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් කළා නම් අද පාරට බැහැල විවිධ කල කෝලහල සිදු කරාවි. සත්‍ය ජනතාවට කවදා හෝ අවබෝධ වේවි.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා

මේ රටේ ජනතාව ලක්‍ෂ 200ක් නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිනවා. මේ අය පත්කරවීමේ ජනතා අපේක්‍ෂා අද ඉටුවී තිබෙනවාද?

ලබන 4 වැනිදා පවත්වන බස්නාහිර පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්‍ෂය නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා එය කිසිඳු බලවේගයකට නැවැත්විය නොහැකියි.

අද අපේ පක්‍ෂය ගැන විවිධ අය විවිධ කතා කරනවා. නමුත් 1970 දී අපේ පක්‍ෂය පරාජයට පත්වන විට පක්‍ෂය ඉදිරියට ගෙන යාම සඳහා ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ අවස්ථාවේ එතුමා ලඟින්ම සිටියේ මගේ පියාවන රණසිංහ ප්‍රේමදාසයි. ඒවගේම ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි නායකයින් ඊට ශක්තිය ලබා දුන්නා. මේ පක්‍ෂය දිනවීමට අපේ යුතුකම වගකීම ජීවිත පරිත්‍යාගයෙන් හෝ අප ඉටු කරනවා.

එදා මහාමාන්‍ය ඩී. එස්. සේනානායකතුමා යටතේ නිදහස ලබා ගන්නා විට කොලපාට, නිල්පාට, රතුපාට භේදයක් තිබුණේ නැහැ. සියළු දෙනා එකමුතු වුණා. සියළු දෙනා එකට රතිඤඤා පත්තු කළා. අදත් අපේ ත්‍රිවිධ හමුදාව කොටි ත්‍රස්තවාදීන් පරාජය කොට ඉදුරියට යන විට අපටත් ලොකු සතුටක් ඇති වෙනවා. අපේ සහය හදවතින්ම ලබා දෙනවා.

කොළඹ 07 අප්පුලාගේ දුවලා පුතාලා උතුරේ සටන් කරන්නේ නැහැ. මේ රට ආරක්‍ෂා කිරීමට කැපවී සිටින්නේ ගමේ ගොඩේ දුප්පත් අසරණ දෙමව්පියන්ගේ දුවා දරුවන්. ඒඅයගේ වික්‍රමාන්විත ක්‍රියා අප අගය කළ යුතුයි.

එදා නිදහස ලබන විට ලබපු ජයග්‍රහණ වගේ නොවෙයි අද. මේ රණවිරුවන් ලබන ජයග්‍රහණ පක්‍ෂයක ජයග්‍රහණ පෙන්වනවා. එය වැරදියි. එය ජනතාවට කරන ද්‍රෝහිකමක් අපේ රණවිරුවන්ට කරන අගෞරවයක්. යුධ පෙරමුණේ සිටින්නේ එක් පක්‍ෂයකට අයත් සොල්දාදුවන් නොවේ. නිල්පාට, කොලපාට, ස්වාධීන අය ඒ අතර සිටිනවා. මේ අය ලබන ජයග්‍රහණ එක් පක්‍ෂයක ජයග්‍රහණ ලෙස පෙන්වීමට ඇතැම් බොළඳ දේශපාලනඥයින් අද කටයුතු කරනවා. රණවිරු මලමිනී උඩින් දෙශපාලන වාසි ගැනීම තරම් දෝහිකමක් තවත් නැහැ.

දුගී ජනතාවගේ බඩ කට පිරවීමට රණසිංහ ප්‍රේමදාස එදා ජනසවිය ආරම්භ කළා. නමුත් 1994 බලයට පත් වූ ආණ්ඩුව එය විනාශ කරමින් සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කළා. අද කුමක්ද සිදුව තිබෙන්නේ සමෘද්ධිලාභී පවුල් අනය‍ත අසරණ තත්ත්වයට පත්වෙලා. මේරට ගොඩ නැගීමට නව දර්ශණයක් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඒ හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයටයි.!!!

 

Last Updated ( Friday, 03 April 2009 )
 
< Prev   Next >

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons