Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Thursday, 26 March 2009

ආණ්ඩුව ගෙදර යැවීමේ වැඩපිළිවෙල දැන් කි‍්‍රයාත්මක කර තිබේ -එජාප මහලේකම්

Imageආණ්ඩුවත්, ආණ්ඩුවේ ඇමැතිවරුනුත් සහ සමහර මාධ්‍යත් එජාපය තුළ බෙදීමක් ඇතැයි ප‍්‍රචාරයක් ගෙන ගියත් පක්‍ෂය තුළ කිසිම බෙදීමක් නැති බවත්, ආණ්ඩුව එසේ අදහස් කරනවා නම් එය ඔවුනට සිදුව ඇති බරපතල වරදක් බවත් එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි....

එජාපය ජයග‍්‍රහණය කරවීම හා එහි කි‍්‍රයාකාරීත්වයේ හා යාන්ත‍්‍රණයේ ව්‍යූහාත්මකව වෙනස් කිරීමට පක්‍ෂය තුළ මතවාදයක් තිබෙන අතර,එය කිසිසේත් බෙදීමක් නොවන බව පැවැසූ එජාප මහලේකම්වරයා, රාජපක්‍ෂ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා වන වැඩපිළිවෙල දැන් පක්‍ෂය තුළ කි‍්‍රයාත්මක කර ඇතැයි අද (25* පෙරවරුවේ විපක්‍ෂ නායක නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවේදී කිවේය.

එජාප රැුස්වීමක් පවත්වනවා නම්, එතැනට කැරලි මර්දන හමුදාවක් යවන්න  ඕනෑයි ඇමැති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෑතදී කළ ප‍්‍රකාශයකට පිළිතුරු දුන් අත්තනායක මහතා ශ‍්‍රීලනිප මූලස්ථානය දෙකට බෙදාගෙන ශ‍්‍රීලනිපයේ කණ්ඩායම් දෙකක් කාර්යාල පවත්වා ගෙන ගිය හා නායකයින් දෙදෙනකු නිල හා නොනිල වශයෙන් කටයුතු කල වකවානු සිරිසේන ඇමැතිවරයාට අමතක වී තිබෙන බවත්, එජාපය ගැන බලාගන්නට එජාපයට හැකි බව සිරිසේන ඇමැතිවරයාට දැනුම් දෙන බවත් කීය.

එජාපය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අදහස් ප‍්‍රකාශ කරන්නට ඇති ඉඩකඩ අසුරා නැති බවද එජාප මහලේකම්වරයා පැවැසුවේය. බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් පසු ඒකාබද්ධ වැඩපිළිවෙලකට යන එජාපය මැතිවරණවලට සූදානම් බවත් නමුත් මේ ආණ්ඩුව මාස දෙකෙන් දෙකට ඡුන්ද තියන්නේ රට ගැන සිතා නොව තමන්ගේ දේශපාලන බලය රැුක ගැනීමේ ව්‍යාපෘතියක් ලෙස බවත්, සිංහල අවුරුද්දට අත්‍යවශ්‍ය බඩු ටිකවත් ගෙන්වන්නට මුදල් නැති තත්ත්වයකට භාණ්ඩාගාරය බංකොලොත් වී ඇති බවත්, මැතිවරණ පවත්වන්නේ රටේ ආර්ථික අර්බුදය වසා ගන්නට බවත් අත්තනායක මහතා ප‍්‍රකාශ කළේය.

එදා ලෝක බැංකු ප්ලග් ගලවන්නට කථා කළ ජවිපෙ විමල් වීරවංශ, ලෝක බැංකුවෙන් ණය ආධාර ලබා ගැනීමේ වරදක් නැති බව හා ණය ගන්නට අයිතියක් තිබෙනා ප‍්‍රකාශ කරන බැවින්, ඔහු දැන් කථා කරන්නේ කොහෙන්දැයි තමාට අසන්නට සිදුව තිබෙන බවත් ඒ මහතා කීවේය.

තනතුරු වරප‍්‍රසාද වෙනුවෙන් රාජපක්‍ෂ ආණ්ඩුවට මේ අයුරින් විකිණෙන්නට එපායි අත්තනායක මහතා විමල් වීරවංශ මහතාගෙන් ඉල්ලීමක් කළේය.

එජාපය වර්ණනා කරමින්, එජාපයේ වටිනාකම කථා කිරීම ගැන ඩලස් අලහප්පෙරුම මහතාට ස්තූති කළ ඒ මහතා, 2005 දී මේ රටේ කිසිම දේශපාලන පක්‍ෂයක් නොකළ අන්දමේ ගිවිසුමකට ආණ්ඩුව සමඟ එකඟ වී රජයට දුන් සහයෝගය වසරක් යන්නටත් පෙර කඩා බිඳ දමා එජාපයේ මන්ත‍්‍රී කන්ඩායමක් රජයට අමු අමුවේ භාරගත් අය, එජාපය ගැන අනුකම්පාවෙන් කථා කළ යුතු නැතැයි තමා අලහප්පෙරුම ඇමැතිවරයාට මතක් කර දෙන බව කීවේය.

Last Updated ( Monday, 30 March 2009 )
 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons