Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Friday, 20 March 2009

මේක දෙවන චේතිය රජුගේ ආණ්ඩුවක්!  - මහලේකම් තිස්ස අත්තනායක

Imageපක්‍ෂය තුළ සමඟිය තහවුරුකර හැම දෙනාගේම සහයෝගය ලබාගනිමින් රාජපක්‍ෂ ගෙදර යවන තැනට එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් ප‍්‍රතිව්‍යූහගත කිරිමකට යන බව පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක කියයි. පක්‍ෂ යාන්ත‍්‍රණයේ වෙනසක් කිරීමට දැනට කෙරෙන සාකච්ඡ සියල්ල සාර්ථක බවත්, එම යාන්ත‍්‍රණය හා ව්‍යූහය සකස් කිරීමට පත් කළ කමිටුව දැන් රැස්වන අතර

එහි වාර්තාව ලබන සඳුදා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමෙන් සියලූ දෙනාගේ එකඟතාව මත පසු තීරණයක් ගනු ඇතැයි ද අත්තනායක මාධ්‍ය හමුවකදී පැවැසීය.සියලූ දෙනා රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කිරීමේ මූලික අරමුණ ඇතිව තීරණ ගැනීමට එකඟවී සිටින නිසා කිසිවකු කලබල විය යුතු නැති බවද ඔහු කීවේය.

බලයේ සිටි පක්‍ෂයක් පරාජයට පත්වූ විට එක් කණ්ඩායමක් පැත්තකට යාම සෑම පක්‍ෂයකට ම මුහුණ දෙන්නට සිදුව තිබෙන බැවින් යථාර්ථයට ප‍්‍රවිශ්ඨ විය යුතු බවත්, ජනතා විරෝධී ලෙස කටයුතු කරන මේ ආණ්ඩුවට අභියෝග කළ හැකි සංවිධානයක් ගොඩ නැගිය යුතු අතර ඒ සඳහා එජාපය නායකත්වය දෙන බවද මහ ලේකම්වරයා කීවේය.

අද බරපතල ලෙස රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ජනතාව ආරක්‍ෂා කිරීම රජය විසින් පැහැර හැර තිබේද යන සැකයක් මතුව තිබෙන බව කී අත්තනායක , මේ ආණ්ඩුවේ පාලනය යටතේ නීතිවිරෝධී කි‍්‍රයා දහස් ගණනින් සිදුවෙමින් පවතින අතර නීතිය කි‍්‍රයාත්මක නොවන තත්ත්වයක් මතුව තිබෙන බවත්, ඉකුත් වසර එකහමාර තුළ මාධ්‍යවේදීන් 13 දෙනකු ඝාතනය කොට තවත් තිස් ගණනකට තර්ජණය කර ඇතත්, මේවාට සම්බන්ධ කිසිවකු නීතිය හමුවට ඉදිරිපත් කොට නැති බවත් පැවැසුවේය.

මහේෂ්වරන්, රවිරාජ්, පරරාජසිංහම් වැනි මන්ත‍්‍රීවරුන්ද ඝාතනයට ලක්වූවත්, මේවාට සම්බන්ධ එක් වගඋත්තරකරුවකු හෝ සොයා ගන්නට ආණ්ඩුවට බැරි වී තිබෙන බවත්, ආණ්ඩුවක් ව්‍යවස්ථානුකූලව නීතිය ආරක්‍ෂා කිරීමට බැඳී සිටින නමුත්, ආණ්ඩුව නීතිය කි‍්‍රයාත්මක කිරීමට පියවර නොගන්නා නිසා ජනතාවට නීතියේ පිළිසරණ නොලැබෙන බවත් මහලේකම්වරයා පැවැසීය.

නීතිය කඩා වැටීමට ඉඩදී ආණ්ඩුව නිහඬව සිටින්නේ මන්දැයි ප‍්‍රශ්න කළ ඒ මහතා, හෙජින් ගිවිසුමෙන් ජනතාවට සිදුවන අවාසිය නිසා එය අහෝසි කරන ලෙස හා පෙට්ට‍්‍රල් මිල අඩුකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දු කි‍්‍රයාත්මක නොකළ ආණ්ඩුව අධිකරණයට අභියෝග කළ බවත්, එසේ කිරීමෙන් නීතියේ ආධිපත්‍ය ආරක්‍ෂා වන්නේ කෙසේදැයි රජයෙන් ප‍්‍රශ්න කරන බවත් ඔහු සඳහන් කළේය.

ව්‍යවස්ථා සභාව පත් නොකිරීමෙන් පොලිස් කොමිසම අද රජයේ කාර්යාලයක් බවටත්, රාජ්‍ය සේවා කොමිසම රජයේ දෙපාර්තමේන්තුවක් බවටත් පත්ව ඇතැයි සඳහන් කළ එජාප මහ ලේකම්වරයා, ආණ්ඩුව බරපතල ලෙස නීතියට ගරු නොකරන විට ජනතාවත් අධිකරණ තීන්දු ප‍්‍රතික්‍ෂේප කරන තැනට යාමට හැකි බැවින්, ජනතාවත් එවැනි අභියෝග එල්ල කළහොත් ඇති වන්නේ ඉතාම බරපතල තත්ත්වයක් බවත් කීය.

චින්තනයේ කිසිවක් ඉටු නොකළ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව තමා හඳුන්වන්නේ දෙවන චේතිය රජුගේ ආණ්ඩුවලෙස බවද අත්තනායක පැවැසීය.
Last Updated ( Monday, 23 March 2009 )
 
< Prev   Next >

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons