Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Monday, 16 March 2009

ජාතික උත්සවවලට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ගතයුතු නියෝගය ප්‍රජාතන්ත්‍ර අයිතීන් කැඩීමක් එ.ජා.ප. මහ ලේකම් තිස්ස අත්තනායක කියයි

Imageජාතික උත්සව සංවිධාන කිරීම සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ අවසරය ගත යුතු බවට නියෝග කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කොට හමුදා පාලනයක් රටේ ඇති කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය තරයේ හෙළා දකින්නේ යැයි එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවැසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මේ ඒකාධිපති වියරුවට එරෙහිව සියලූ පාර්ශ්වයන් සමග ඒකාබද්ධව සටන් කරන බව පෙන්වා දුන් තිස්ස අත්තනායක මහතා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී තිබෙන තර්ජනයට එරෙහිව නැඟී සිටින්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ විපක්‍ෂනායක නිල නිවසේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේ ද කීය.

රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය කිනම් මොහොතක පුපුරා ගොස් රට කඩා වැටේවිදැයි කවුරුවත් දන්නේ නැහැ. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක් එල්ල වී ඇති අතර එය වළක්වා ප්‍රජාතන්ත්‍රවාදය නිදහස සහ සාමය තහවුරු කිරීමට ආණ්ඩුවට කිසිදු අවස්ථාවක් ඇත්තේ නැහැ.

එමෙන්ම දේශපාලන පක්‍ෂ සහ සංවිධාන සම්පූර්ණයෙන්ම විනාශ කොට මර්දනය කිරීමේ කුමන්ත්‍රණයක ද ආණ්ඩුව යෙදී සිටිනවා.

අපේ රට සතු නිල විදේශ වත්කම් ප්‍රමාණවත් වන්නේ සති පහකට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට පමණයි. රටේ ආර්ථිකය ඍණ මට්ටමට ඇද වැටුණු 2001 වර්ෂයේදීවත් අප සතු නිල විදේශ වත්කම් මේ තරම් අඩු වුණේ නැහැ.

ආණ්ඩුව කෘත්‍රිම ලෙස රුපියලේ සහ ඩොලරයේ අගය තහවුරු කිරීමට ගන්නා උත්සාහය හේතුවෙන් අනිටු ප්‍රතිඵල රැසක් අත්වීමට ඉඩ තිබෙනවා.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රුපියල් කෝටි 20,000 ක අති විශාල ණයක් ගන්නා කොන්දේසි මොනවාද යන්න පිළිබඳව රටට වහාම කරුණු හෙළි කළ යුතුයි.

එක්සත් ජාතික පක්‍ෂය ලෝක බැංකුවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක වෙළෙඳපොළට ගසාඇති “ප්ලග්” ගලවා දේශීය ආර්ථිකයක් ගොඩනඟන බවට පම්පෝරි ගැසූ කට්ටිය දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ ගසා කෝටි ගණන් ණය ඉල්ලන්නේ මන්දැයි අප ප්‍රශ්න කරනවා.

ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අප ගනුදෙනු කරද්දී එක්සත් ජාතික පක්‍ෂය රට පාවා දෙනවා යැයි කෑ මොර දෙමින් රට ගිනි තැබූ විමල් වීරවංශ දැන් නිහඬව සිටින්නේ ඇයි?

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ තරම් අති විශාල මුදලක් ණයට ගන්නේ රටේ මූල්‍ය අහේනිය වසා පාරිභෝජන අවශ්‍යතා සපුරා ගැනීමට විනා රට සංවර්ධනය කොට ජනතාවට සහන සැලසීමට නොවේ.

ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්යක්‍ෂම ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ උද්ගතවී ඇති ආර්ථික අර්බුදයේ බර ජනතාව මත පැටවීමේ ක්‍රියාදාමය අප තරයේ හෙළා දකිනවා. රටේ ආර්ථීක යුද්ධය ජය ගැනීමට මේ ආණ්ඩුවට කිසිදු වැඩ පිළිවෙළක් නොමැති බව මේ තත්ත්වයෙන් මනාව හෙළිවනවා.

සියලූම ජාතික උත්සව සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ අවසරය ගත යුතු බවට නියෝග කරමින් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කොට හමුදා පාලනයක් රටේ ඇති කිරීමට ආණ්ඩුව දරන උත්සාහය තරයේ හෙළා දකිනවා.

ආණ්ඩුවේ ඒකාධිපති වියරුවට එරෙහිව සියලූ පාර්ශ්වයන් සමග ඒකරාශීව අඛණ්ඩව සටන් කරන බව අවධාරණය කරනවා.

මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඝාතනය කෙරුණු දිනයේදීම කරුණා අම්මාන් පාර්ලිමේන්තුවට පත් කළ ආණ්ඩුව මහනුවර දළදා ප්‍රදර්ශනය ආරම්භ වුණු දිනයේ, අපේ දළදා මාලිගාවට ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ ඒ පුද්ගලයාටම අමාත්‍යධුරයක් පිරිනමනවා.

මේ තත්ත්වය යටතේ ආණ්ඩුවේ ක්‍රියා මාර්ග පිළිබඳව ජනතාව අතර විශාල වශයෙන් සැක සංකා ඇතිවී ඇති අතර ජනතාව ඒ සම්බන්ධයෙන් අඛණ්ඩව ප්‍රශ්න කරනවා.

පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේ පැවැසීය.

ආණ්ඩුව කියන පරිදි එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මුළුමනින්ම මර්දනය කළා නම් මාතර අකුරැස්ස ගොඩපිටියේදී නබි නායකතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැති ආගමික උත්සවයට මරාගෙන මැරෙන බිහිසුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වූයේ කෙසේද?

මේ උත්සවයට රජයේ අමාත්‍යවරුන් සහභාගිවන බව දන්වා තිබුණේ නැතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කරන ඉතාම බොළඳ ප්‍රකාශය අප තරයේ හෙළා දකිනවා.

මේ උත්සවය සංවිධානය කරන මණ්ඩලයේ සභාපතිවරුන් වශයෙන් පණ්ඩු බණ්ඩාරනායක සහ චන්ද්‍රසිරි ගජධීර යන අමාත්‍යවරුන් ද උපදේශකයන් වශයෙන් දිස්ත්‍රික් ලේකම් බී.පී.බී. ආයුපාල ද මාතර කොට්ඨාස බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ද කටයුතු කරද්දී ඒ අවස්ථාවට රජයේ අමාත්‍යවරුන් සහභාගි වනු ඇතැයි අවමවශයෙන් උපකල්පනය කිරීමට තරම්වත් මේ නිලධාරියාට මොළ ගෙඩියක් නැද්ද?

එසේ නම් මේ කරුණු කාරණා සලකා බැලීමෙන් හෙළි වන්නේ මේ සිද්ධියට ප්‍රධාන හේතුව විධිමත් සහ ශක්තිමත් ආරක්‍ෂක වැඩපිළිවෙළක් මේ උත්සවය වෙනුවෙන් ක්‍රියාත්මක කොට නොතිබීම බව පැහැදිලියි.

ඒ අනුව ඒ උත්සවයට සහභාගි වුණු ප්‍රභූවරුන්ට විධිමත් ප්‍රභූ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට නොතිබුණු බවට දැන් කරුණු හෙළි වී තිබෙනවා. එබඳු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වූයේ නම් ප්‍රභූවරුන් සහිත පෙරහර අභිභවා මරාගෙන මැරෙන බෝම්බකරුට ඉදිරියට පැමිණීමට අවස්ථාවක් උදා වන්නේ නැහැ.

මේ සිද්ධියෙන් හෙළි වන්නේ එක්කෝ ආණ්ඩුව නැතිනම් ආරක්‍ෂක අංශ මේ රටේ අමාත්‍යවරුන් සත පහකට ගණන් ගන්නේ නැති බවයි. මේ තත්ත්වය යටතේ බුරුතු පිටින් ජීවිතක්‍ෂයට පත්වීමට අපේ අමාත්‍යවරුන්ට සිදුව තිබෙනවා.

මාතර කොට්ඨාස බාර උසස් පොලිස් නිලධාරියා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දේශපාලනයට පිවිසීමට සූදානම්ව සිටින හෙයින් ඔහු මේ උත්සවයට විධිමත් ආරක්‍ෂාවක් නොසැපයුවා විය හැකියි.

සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු කිසිදු නිලධාරියකුට එරෙහිව විනය සහ නීතිමය පියවර මෙතෙක් අනුගමනය නොකිරීමෙන් හෙළි වන්නේකුමක්ද?

Last Updated ( Friday, 03 April 2009 )
 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons