Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Written by Admin   
Sunday, 13 December 2015

තිස්ස අලූත් යූඑන්පියක් හදයි!

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන් හා පක්ෂය කෙරෙහි මේ වන විට කලකිරී ඇති ජ්‍යෙෂ්ඨයන් ඒකරාශී කරගනිමින් අලූත් එක්සත් ජාතික පක්ෂයක් ගොඩනැගීමට එ.ජා.ප. හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇත.මෙවර එජාපය වැඩි බලයක් සහිත ආණ්ඩුවක් පිහිටෙව්වද එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමන්ට සමීප සුළුතරයක් සඳහා තනතුරු හා වරප‍්‍රසාද ලබා දී ඇති බවටත් එ.ජා.ප. ය විපක්ෂයේ සිටිය දී දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පිරිස් සඳහා සහන සැලසීමේ විධිමත් යාන්ත‍්‍රණයක් ද මේ තාක් ආරම්භ කර නොමැති බවටත් පාක්ෂිකයන්ගෙන් චෝදනා එල්ල වී ඇත.

newparty22.jpg

එමෙන්ම වර්තමාන එ.ජා.ප. මහ ලේකම්වරයා සමඟ අඩුම තරමින් දුරකථන මඟින් හෝ සම්බන්ධ වීමට හෝ අවස්ථාවක් නොමැති බවට එ.ජා.ප. පාක්ෂිකයන්ගෙන් විරෝධතා එල්ල වෙමින් පවතී.

එහෙත් පක්ෂයේ ඉතා අසීරු අවස්ථාවල දී පවා එවකට මහ ලේකම්වරයා වූ තිස්ස අත්තනායක මහතා එජාපය තුළ ගැටුම් සමථයට පත් කිරීමටත් පාක්ෂිකයන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් ඕනෑම මොහොතක දුරකථනයෙන් වුව සම්බන්ධ කර ගැනීමේ හැකියාව ද තිබූ බව එම පාක්ෂිකයෝ පවසති.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මහතා පවසන්නේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පිරිස් සඳහා සහන සැලසීම එ.ජා.ප. ආණ්ඩුවක් යටතේ කඩිනම්ව කරන බව පැවසුවත් එම කතා සියල්ල මැතිවරණ සමයේ වේදිකාවල කෙරුණු කතාවලට පමණක් සීමා වී තිබේ යනුවෙනි. එසේම ආණ්ඩුවේ ගමන් මඟ ගැනත් තමන්ට කුඩම්මාගේ සැලකිලි දැක්වීම ගැනත් කලකිරුණු එ.ජා.ප. මැති ඇමැතිවරුන් ගණනාවක් නව දේශපාලන පක්ෂයක් බිහි කරවා ගැනීම ගැන තීරණාත්මක සාකච්ඡුාවල නිරතව සිටින බවය.

”එ.ජා.ප සාමාජිකයන්ට අමතරව වෙනත් දේශපාලන පක්ෂවල ක‍්‍රියාකාරිත්වය ගැන කලකිරුණු පිරිස් මෙකී නව දේශපාලන පක්ෂය ගොඩනැගීමට එක්ව සිටිනවා” යැයි ද අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.

”වත්මන් දේශපාලන ප‍්‍රවණතා තුළ අලූතින් බිහි වන පක්ෂයකට තනිව නැගී සිටීමට අසීරුයි. එහෙත් මෙය වටා එක්වීමට එකඟතාව පළ කර ඇති බලවේගවල ස්වභාවය හමුවේ මේ වෑයම වඩා ප‍්‍රබල වෑයමක් වනු ඇතැ”යි තිස්ස අත්තනායක මහතා බලාපොරොත්තු පළ කළේය.


(තිස්ස අත්තනායක මහතා සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව 23 ඉරිදා සත්හඬ පුවත්පතේ පළවේ.)

Last Updated ( Monday, 14 December 2015 )
 
< Prev   Next >

x'mas greetings

christmas-animated-gifs-for-email.gif

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons