Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
LANKA REGISTER -Interview PDF Print E-mail
Written by Admin   
Monday, 23 November 2015

“රනිල් වික්‍රමසිංහ අද අගමැතිවෙලා පුටුවේ වාඩිවෙලා ඉන්නේ තිස්ස නිසා..”

lpgo_mehemath_kiwwa.pngඅපේ මනාපයෙන් දියවන්නාවට පිවිස..ප්‍රතිපත්ති, අදහස් වෙනස හේතුවෙන්හිත් අමනාප කරගන්නා අපේ රටේ දේශපාලන සභිකයින්ගේහිතේ තියෙන ඇත්තම මනාපය...අමනාපයකින් තොරව..කියවන්න..සාදාරණ සමාජයක ජනතාවට ලබාදෙන 
LANKA REGISTER දේශපාලන කතාබහ......

 

img_1474.jpg

 

පළමු කතාබහ එ.ජා.ප හිටපු මහලේකම්,හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක සමග......“මම බන්ධනාගාරයේ පැදුරක නිදා ගනිද්දි එතුමට ගෙදර සනීපෙට නින්ද ගියානම් එකත් ලොකු දෙයක්”

Q1. අලුත් පක්ෂයක් හැදුවනේද හිටපු ඇමතිතුමා
මම අළුත් පක්ෂයක් හදන්න අදහස් කලේ එක්සත් ජාතික පක්ෂයක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කල කිරෙන කොටස් යම් තැනකට ගේන්න. 
ඒ අයට යම් කිසි වේදිකාවක් වෙයි කියලා මම හිතුවා.ඒ නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයට කළින් අපේ පක්ෂය ලියාපදිංචි කරනවා.
අපි තාම පාලන දිස්ත්‍රික්ක වශයෙන් ව්‍යාප්ත කරලා නෑ ,ගොඩක් අයගේ ඉල්ලිමක් තියෙනවා. එහෙම පක්ෂයක් ඕන කියලා අනිත් දේ ඉදිරි මැතිවරණයකදි සංදානයක් ගොඩ නගද්දී අපිට මේ මගින් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා.

“මම අඩියක් හෙල්ලුවනම් රනිල් මහත්තයා කොහේ විසිවෙලා නවතියිද කියලා කියන්න බෑ”…

Q2. තිස්ස අත්තනායකට වැරදුනා කියලා මම කිව්වොත්
දේශපාලනය කරන බොහෝ දෙනකුට එහෙම තත්වයක් උදාවෙනවා කියලා කෙනෙක්ට කියන්න පුළුවන් මට වැරදුනා කියලා තව කෙනෙක්ට කියන්න පුළුවන් ලොකු අපරාධයක් කරගත්ත කියලා තව කෙනකුට කියන්න පුළුවන් ඒක හොදයි කියලා ඉතින් විවිධ මත තියෙනවා අපට වරදින්න පුළුවන් හැබයි ඒක පැරදීමක් නොවෙයි.

“මට හිත හදා ගන්න පුළුවන්..”
“රනිල් වික්‍රමසිංහ අද අගමැතිවෙලා පුටුවේ වාඩිවෙලා ඉන්නේ තිස්ස අත්තනායක නිසා..”

Q3. පක්ෂ දෙකේම ලේකම්වරු දෙන්නාම තින්දු ගන්නවා තමන්ගේ පක්ෂ දෙක අත්හැරලා වෙනම තැනකට යන්න නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ජනාධිපති වෙනවා ඔබ තුමාට මොකද වුනේ.
දේශපාලඥයින් මුහුණ දෙන මේ තත්වය ස්වාභාවිකයි. මොකද...... මේක මට විතරක් ඇතිවෙච්ච දෙයක් නොවෙයි. මේ තත්වය ඒ නිසා මට හිත හදා ගන්න පුළුවන් මොකද අපි දන්න දේශපාලනයේ ලංකාවේ ප්‍රධාන දේශපාලන හා චරිතවලට මේ වගේ තත්වයක්ට මුහුණ දෙන්න සිද්ධ වුනා. මම කල්පනා කරනවා..
මම එක්සත් ජාතික පක්ෂයෙන් යාම නොවෙයි සිද්ධ වුනේ ඒ වෙලාවේ පක්ෂයගත් තීරණය ගැන මට ප්‍රතිවිරුද්ධ මතයක් තිබුණා. පක්ෂය මගේ සහ වැඩි දෙනාගේ අරමුණට ආවේ නෑ. ඒ නිසා අවසානයේ මට තිරණයක් ගන්න වුනා. 
අපගේ අරමුණ තිබුනේ රනිල් - සජිත් එකමුතු කරලා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ආ යුතුයි කියලා.. මම ඒ ස්ථාවරයේ තදින්ම හිටියා. 
ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහතා හා තවත් පිරිසක් ගත් තින්දුව මගේ තින්දුවට බලපෑව එක කණගාටුදායක තත්වයක්.
මම බැරෑරුම් අවස්ථාවල පක්ෂයත් නායකයන් ආරක්ෂා කරගන්න හයිය දුන්න කෙනෙක් රනිල් වික්‍රමසිංහ අද අගමැතිවෙලා පුටුවේ වාඩිවෙලා ඉන්නේ තිස්ස අත්තනායක නිසා කියලා මට කට ඇරලා කියන්න පුළුවන්. 
ඒක මුළු රටම දන්නවා මම අඩියක් හෙල්ලුවනම් රනිල් මහත්තයා කොහේ විසිවෙලා නවතියිද කියලා කියන්න බෑ ඒ තරම් බලයක් පක්ෂ ඇතුලේ තිබුණා
ඒ හැම දේටම බපර් එකක් වගේ මුහුණ දුන්නේ මම, මේවා ජේ.ආර්., ප්‍රේමදාස, ලලිත්, ගාමිණි වගේ හැමෝටම වෙලත් තියෙනවා ඒවා ඒ ඒ අවස්ථාවල මුහුණ දෙන තත්වයක්
Q4. ඇත්තටම යු.එන්.පි. එකෙන් යන්න හේතුව මේකද?
ඇත්තටම හේතුව මෙම ගැටුම තමයි. අන්තිම වෙනකොට මගේ ආරක්ෂාවට කවුරුත් හිටියේ නෑ...

“මම අභියෝගයක් බාරගත්තා රනිල් - සජිත් එක වේදිකාවකට ගේනවා කියලා”..

Q5. තිස්ස අත්තනායකට කැපිල්ලක් ආවද?
ඔව් ඇත්තටම තදබල විදියට මට හිතන්නේ ඒක ආවෙ 2014 සැප්තැම්බර් 06 වැනිදායින් පස්සේ
අපේ පක්ෂයේ පක්ෂ සම්මේලනය තිබුණ වෙලාවේ මම අභියෝගයක් බාරගත්තා රනිල් - සජිත් එක වේදිකාවකට ගේනවා කියලා
ඒක කරන්න හේතුව තමා ජනාධිපතිවරණයේදි අපිට මේ බෙදිල්ල බරපතල විදියට බලපානවා කියලා මම දන්නවා. නමුත් යු.එන්.පි. එකේ කල්ලි දෙකක් නිර්මාණවෙලා තිබුණා නමුත් මේ දෙක එකතු කරන අභියෝගය මම බාර ගත්තා.
එක් කොන්දේසියක් තිබුණු සජිත් නියෝජ්‍ය නායකයා කරන්න ඕන කියලා මමත් ඒ ස්ථාවරයේ හිටියා. 
එදා සජිත් වේදිකාවට නගිද්දි වේදිකාවෙන් බැහැලා ගිය අය අද කැබිනට් මණ්ඩලයේ ජේෂ්ඨ ඇමතිවරු එදා ඒ අයට මේ දෙයට විරුද්ධව වැඩ කරපු අය.

“පක්ෂයේ වාර්ෂික සමුළුවෙන් ද මට විරුද්ධව විශාල යමක් කරන්න උත්සාහ කලා”..

Q6. යු.එන්.පි. එකේ, ඔබතුමාට තදින් රිදෙන්න ගැහුව කවුරු හරි ඉන්නවාද?
ඇත්තටම මට මේ තත්වයන් ගොඩාක් බලපෑවා මාස ගනනක් සමාජ වෙබ් අඩවි ගනනාවක් මාව තදින් විවේචනය කරා,
විශේෂයෙන් අද ඔය ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය කිහිපයකින් මට තදින්ම ගැහුවා.
මෙම මේ ගැන පක්ෂයේ නායක තුමාටත් කිව්වා එතුමා වාර කිහිපයක් මේ ගැන කතා කලා මගේ ගෙදර ඇවිත් කතා කළා වුනත් විසදුමක් ලැබුනේ නෑ.
විශේෂයෙන් 2014 දෙසැම්බර් මුල තිබුණ පක්ෂයේ වාර්ෂික සමුළුවෙන් ද මට විරුද්ධව විශාල යමක් කරන්න උත්සාහ කලා සමහරු,
නමුත් එක වාසනාවකට ඔවුන්ට කර ගන්න බැරි බුනා ඒ හැම අවස්ථාවකට පක්ෂයේ සාමාජික අය හිටියේ මාව එක්ක සිරිනාද මෙල් වගේ අය හිටියේ මාත් එක්ක නමුත් අපිට ඒ දේවල් කරගන්න බැරි වුනා.

“මිනිස්සුන්ගේ මතයක් තිබුණා රනිල්ව ආරක්ෂා කරන්නේ තිස්ස අත්තනායකකියලා..”

Q7. ඔබත් වර්තමාන අගමැතිතුමන් අතර හොද සම්බන්ධයක් තියෙනවා අපි දැක්කා..., කොහොමද මේ පැනි වරකා ගහට හෙනගැහුවේ..?
ඇත්තටම මමත් අද ඒක කල්පනා කරනවා.
මොකද මම නිරන්තරයෙන් හිටියේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අද මම ගිය එකක් ගැන කතා කරනවා. ඔබට මතක ඇති කරු ජයසුරිය මැතිතුමා ඇතුව 17 දෙනකුත් ගිය වෙලාවේ එක්සත් ජාතික පක්ෂය මුහුණ දීපු තත්වය ඒ හැම වෙලාවකට ඉස්සරහට ඇවිත් කතා කලේ මම ඒ අභියෝගය බාරගත්තේ මම. 
ඒ විතරක් නෙමෙයි සජිත්, රනිල් බෙදිම නිසා පක්ෂය පුදුම විදියට හැල්ලුවකට ලක් වුනා ඔබට මතක ඇති එක් අවස්ථාවක සිරිකොතට පැනලා ගල් ගහලා ලොකු ප්‍රශ්නයක් ඇති කලා ඒ අවස්ථාවේ මගේ වාහනයත් කුඩු වුනා. 
කවුරුත් මට සතයක්වත් වන්දියක් දුන්නේ නැහැ. 
එහෙම කලේ..... මිනිස්සුන්ගේ මතයක් තිබුණා රනිල්ව ආරක්ෂා කරන්නේ තිස්ස අත්තනායක කියලා. ඒ නිසා ඔවුන් නිතර හානි කරන්න බැලුවේ මට.

“මම අපේ පාක්ෂිකයන් ආරක්ෂා කරන්න
ඔවුන් සනසන්න
පක්ෂයට වැරදිච්ච වෙලාවට මාධ්‍යට කතා කලා.”

Q8. දැන් ඒවාගේ ඇමතිවරු මාධ්‍යට උත්තර දෙනවා අඩුයි කියලා මම කිවොත්...
ඔව්.. ඒක ඇත්ත, ඒක මාධ්‍යවේදින් අද කියනවා.. සමහර වෙලාවට මට හිතෙනවා මම පක්ෂය වෙනුවෙන් මාධ්‍ය ඉස්සරට ගිහින් තකා කරන එක හිතට එකග නෑ කියලා .නමුත් මම පක්ෂය වෙනුවෙන් ඒක කරා.
මම අපේ පාක්ෂිකයන් ආරක්ෂා කරන්න ඔවුන් සනසන්න පක්ෂයට වැරදිච්ච වෙලාවට මාධ්‍යට කතා කලා.
අද ආණ්ඩු බලය තියෙද්දී කතා කරන්න කෙනෙක් නෑ.
එදා වගේ අසරණතත්වයක් නෑ නේ එත් කවුරුත් කතා කරන්න ඉදිරිපත් යන්නේ නෑ මම දන්නේ නෑ ඇයි මාධ්‍යන්ගෙන් හැංගෙන්නේ කියලා බයටද, උත්තර දෙන්න දන්නේ නැති කමටද කියලා මට හිතා ගන්න බෑ..
“මගේ දේශපාලනය ඉවර නෑ …”

Q9. තිස්ස අත්තනායකට හිනයක් තිබුනද අගමැතිකම නුවරට ගේන්න.
ඇත්තටම දේශපාලන කරන අයට බලාපොරොත්තු තියෙනවා ඒත් ඒ හැමදේම හරියනවා වරදිනවා ඒ හැමදේටම ජිවිතේ මුහුණ දෙන්න ඕන.
නමුත් මගේ දේශපාලනය ඉවර නෑ මම දේශපාලනයෙන් සමුගන්න හිතාගෙන හිටියා නමුත් දැන් මට එහෙම කරන්නේ නෑ
ඕනෑම තැනකම ගියාම මිනිස්සු දේශපාලකයෙක් විදියට තාමත් මාව පිළිගන්නවා.

“මම කිව්ව මෙහෙම ආණ්ඩුවක් හදලා UNP කාරයන්ට සෙතක් වෙන්නේ නැහැ කියලා..
අද ඒක වෙලා තියනවා නේද...?”

“මට අන්තිම මොහොතේ
විකල්පයක් තිබුනේ නෑ.”

Q10. කොහොමද තිස්ස අත්තනායක මහත්තයට එකපාරටම රාජපක්ෂ මහත්තයා හොදයි කියලා හිතුනේ.
මම පක්ෂයටවත් නායකයන්ටවත් විරුද්ධ වුනේ නෑ නමුත් පක්ෂය ඒ වෙලාවේ ගත්ත තින්දුවට එකග වුනේ නෑ.
මම කිව්ව මෙහෙම ආණ්ඩුවක් හදලා යු.එන්.පි කාරයන්ට සෙතක් වෙන්නේ නැහැ කියලා
මම මෛත්‍රිපාල මහත්තයා ලග තියාගෙන ප්‍රසිද්ධියේ සිරිකොතේදී මේ කතාව කිව්වා. 
මම කිව්ව යු.එන්.පි. කාරයෝ “ඇලජික්“ කරගෙන ආණ්ඩුවක් හදලා යු.එන්.පි. කාරයන්ට වැඩක් නැ කියලා
අද ඒක වෙලා තියනවා නේද?
අද යු.එන්.පි. මන්ත්‍රීවරයෙක්ට වැඩක් කරන්න පුළුවන්ද..? ඔවුන් අහනවා මේක අපේ ආණ්ඩුවක්ද කියලා.. කෙනෙක්ට කියන්න පුළුවන් මේක ජාතික ආණ්ඩුවක් කියලා නමුත් දුක්විදපු යු.එන්.පි කාරයාට මේ ආණ්ඩුවෙන් සාධාරණයක් වෙන්නේ නැහැ. එදා මම කියපු දේ අද වෙමින් පවතිනවා.
මම රාජපක්ෂවරුන්ගේ වැරදි තදින් විවේචනය කරා හොරකම්, දුෂණ වංචා ගැන මට කතාකලා හැබයි මට අන්තිම මොහොතේ විකල්පයක් තිබුනේ නෑ. 
මම පුද්ගලික මේ ගැන කතා කරන්න වික්‍රමසිංහ මහත්තයා හමුවුනා අපි කතා කළා
නමුත් මගේ ප්‍රශ්ණෙට එතුමා හරියට උත්තරයක් දුන්නේ නැහැ
Q11. මේ ආණ්ඩුවේ හොදම ඇමතිකම් දිලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට නේද?
මේක තමයි ප්‍රශ්නය ආසන 106ක් ගන්න යු.එන්.පි එක අද ආණ්ඩුවේ වගකිම් වලින් දරන්නේ ඉතා සුළු ප්‍රමාණයක්.
මිනිසුන්ට වැඩ කරන අමාත්‍යංශ නියෝජනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ලග මෙකෙන් තමයි ප්‍රශ්නේ ඇතිවෙලා තියෙන්නේ
මේක හරිම අවාසනාවන්ත තත්වක් මෙහෙම ආණ්ඩුවක් කරන්න පුළුවන්ද මේකෙන් වෙන්නේ සම්පූර්ණ කුණු ගොඩක් එක්සත් ජාතික පක්ෂය මත පැටවෙන එක.
“යු.එන්.පි එක අද ආණ්ඩුවේ වගකිම් වලින් දරන්නේ ඉතා සුළු ප්‍රමාණයක් ”.

Q12. ඔබ රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක එකගතාවයකට ආවෙ මොනවගේ දේවල් සම්බන්ධවද?
ඔව්... මම එතුමා තදින් විවේචනය කලා.
මම දැන් කොහොමද එතුමා හොදයි කියන්නේ කියලා මටත් ප්‍රශ්නයක් තිබුණා.
ඔබ තුමා ජනාධිපති වුණාම දුෂණ වංචා නවත්තන්න ඕන, පසුගිය වැරදි හදාගෙන ඉදිරියට යනවා කියලා වේදිකාවේදී කියන්න කියලා එතුමාට මම ඉල්ලිමක් කළා.
ඒ කතාව එතුමා ප්‍රසිද්ධ වේදිකාවේ කිව්වා.

“අපි දැකපු ජනාධිපතිවරු කියපු දේවල්
කලේ නැහැ”..

“සෝභිත හාමුදුරුවන් කිව්වා නේ මෙයාලා කරනවා කියපුවා කරන්නේ නැහැ කියලා”…

“උන්වහන්සේ අපවත්වුනේ
ලොකු කළකිරීමකින් …”

Q13. පක්ෂ විසි ගණනක් එක්ක ගහපු ගිවිසුම් කඩවුනා කියලා ඒ අය රාජපක්ෂ මහත්තයට චෝදනා කරනවා ඔබ එක්ක ආපු එකගතා එතුමා ඉටු කරාවිද?
ඔව්... මට මෙහෙම හිතුනා පසුගිය කාලේ අපි දැකපු ජනාධිපතිවරු කියපු දේවල් කලේ නැහැ නේද මේ ආණ්ඩුවත් කියපුවා කරන්නේ නැහැ නේ.
සෝභිත හාමුදුරුවන් කිව්වා නේ මෙයාලා කරනවා කියපුවා කරන්නේ නැහැ කියලා රාජපක්ෂ මහත්තයා කියපු දේ මම විශ්වාස කරා
නමුත් මම දන්නේ නැහැ එතුමා කරයිද නොකරයිද කියලා

Q14. සෝභිත හාමුදුරුවන්ගේ දේහය ළගදි අද ඉන්න නායකයන් දෙන්නාම කියනවා ඒ දේවල් කරනවා කියලා..
මට හිතෙන්නේ ඒක විහිලු කතාවක් කියලා.
සෝභිත හාමුදුරුවේ සිංගප්පූරු ගෙනියන්න කලින්මම උන්වහන්සේ බලන්නගියා.සෝභිත හාමුදුරුවෝ රනිල් ජනාධිපති අපේක්ෂකයා කරන්න කොයිවෙලාවේවත් එකග වුනේ නෑ..
උන්වහන්සේ අපවත්වුනේ ලොකු කළකිරීමකින්.
දැන් උන් වහන්සේගේ දේහය විකුණලා වැඩක් නෑ
19 වැනි සංශෝධනය ගෙනාවම ඔක්කොම ඉවරයි කිව්වා... කෝ... වුනාද.. නැහැනේ..මාධ්‍ය පවා ඒක ජනතාවගෙන් වසන්කළා.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා
දිනවන්න ආපු මාව
ඊලගට ආපු නායකයා ලයිස්තුවෙන් කැපුවා”

Q15. ඇයි ජාතික ලයිස්තුවෙන්ම පාර්ලිමේන්තු එන්න හදන්නේ ජන්දෙකට යන්න බයද?
ඔව් එකතමා මට සිද්ධවුණ අසාධාරණය
මට වුනේ ලංකාවේ කාටවත් නොවෙච්ච දෙයක් . ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා දිනවන්න ආපු මාව ඊලගට ආපු නායකයා ලයිස්තුවෙන් කැපුවා බරපතල වැරැද්දක්. 
මම හිටියේ ජන්දේ ඉල්ලන්න මෙනෙ පැත්තෙන් ඉල්ලුවත් මම නුවරින් දිනනවා ඒක ඕන කෙනෙක් දන්නවා.

Q16. කවුද ජාතික ලයිස්තුව නම් කලේ
මහින්ද රාජපක්ෂ මහත්තයා ඒක අනුමත කලා
අද ඉන්න සභාපතිතුමා මගේ නම අනුමත කරලා තිබුනා මගේ නම හත්වෙනි තැන තිබුණේ.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් කියලා තිබුණා මට අසාධාරණයක් කරන්නේ නැහැ කියලා
නමුත් කාගේ හරි බලපැමකට එතුමා අවසානයේ එහෙම කරා

Q17. හිටපු ජනාධිපතිවරයා බලපැමක් කලේ නැද්ද ඔබට ලයිස්තුවෙන් අවස්ථාවක් දෙන්න කියලා.
මම ඒක දන්නේ නැහැ..මට පක්ෂ අභයන්තර සාකච්ජාවලට ගියේ නැහැ තවත් එතන අවුල් ගොඩක් වුනා මැතිවරණයත් පැවැතුන වෙලාවක ලේකම්වරු පත් කිරීම නිතියානුකූල නැහැ.

“එහෙම දෙයක් තිබුනේ නැත්නම්
කොහොමද එහෙම ඇමතිවරු වෙන්නේ ”.

Q18. සුසිල් ප්‍රේමජයන්ත මහත්තයට අනෙක් පාර්ශව එක්ක ගනුදෙනුවක් තිබුනා කියලා හිතෙන්නේ නැද්ද.
ඒක පේනවා නේ අද සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයෙක් මේ ආණ්ඩුවේ. එහෙම දෙයක් තිබුනේ නැත්නම් කොහොමද එහෙම ඇමතිවරු වෙන්නේ.
“අද ඇමති මණ්ඩලයේ සාමුහික වගකීමක් නැහැ”

Q19. තවමත් ඔබතුමා කියනවද ආසියාවේ ඉන්න බුද්ධිමත්ම නායකයා රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැතිතුමා කියලා
රනිල් වික්‍රමසිංහ මැතිතුමාගැන ජනතාව තුළ හොද මතයක් තිබුණා.
රට ආපස්සට ගෙනියන්නේ නැහැ හොද කළමණාකරණයක් තියෙන නායකයෙක් කියලා. හැබැයි දැන් නම් ප්‍රශ්ණයක් තියෙනවා ඔය කරන දේ ගැන මේ රටට කරන නාස්තිය මම පාට කණ්ණාඩි දාලා කියනවා නොවෙයි.
අද ඇමති මණ්ඩලයේ සාමුහික වගකීමක් නැහැ ආර්ථිකය වැටිලා වංචා දුෂණ සිද්ධ වෙනවා ඒනිසා දැන් තව ප්‍රශ්ණයක් තියෙනවා ඔබ කියන දේ ගැන.
මහ බැංකුවේ විශාල වංචාවක් වුනා එක කවුරුහෝ බලය යොදලා වහලා දැම්මා ඇත්තම ඒක මංකෝල්ලයක්
දැන් තියෙන්නේ මාධ්‍ය හරඔ විතරයි.

“මට එහෙම ආරාධනාවක් කරලා නැහැ
කලොත් බලමු”

Q20. අගමැතිතුමා ආරාධනාවක් කලොත් ආයේ යු.එන්.පි එකට යනවාද?
මට එහෙම ආරාධනාවක් කරලා නැහැ කලොත් බලමු මට ප්‍රශ්ණ ගණනාවක් තියෙනවා දැන් යු.එන්.පි. එක ඇතුලේ වෙන දේවල් ගැන මාගේ සතුටක් නැහැ.

“අඩු තරමේ කේ.පි ට විරුද්ධවවත්
තාම නඩුවක් දාන්න බැරි වුනා”

Q21. ඇත්තටම රට ආරාජිකවෙලා කියලා ඔබතුමා හිතනවද ? අධිරාජ්‍යවාදි බලපෑමක් ලංකාවට තියෙනවද?
ඇත්තටම ලොකු අභියෝගයක් තියෙනවා
දැන් බලන්න ජිනිවා යෝජනා හරහා අපිට පේන්න තියෙනවා රටට ලොකු ඇගිලි ගැසිමක් තියෙනවා කියලා මේ වෙනකොට එල්.ටි.ටි.ඊ රැදවුම් කරුවන් විශාල ප්‍රමාණයක් නිදහස් කිරීමක් කරල තියෙනවා අඩු තරමේ කේ.පි ට විරුද්ධවවත් තාම නඩුවක් දාන්න බැරි වුනා. මේ ආණ්ඩුවට දැන් මාස දහයක් කිසිදු පියවරක් ගන්නේ නැහැ.
දැන් බලන්න වෙලේ සුදා, වෙලේ සුදා, ට්‍රැක්ටර් ගනන් කුඩු ගෙනාවා කිව්වා නේ ඒවට දඩුවම් දුන්නද ? නෑ....අර කුඩු ග්‍රෑම් 07ක්08ක් තියා ගත්ත කියලා හෝ දඩුවම් දුන්නේ එක එහෙමම වහල දැම්මා.
තවත් අය මේවට සම්බන්ධයි කියලා එළිවෙයි කියලද මම දන්නේ නැහැ. මේවා මෙහෙමයි වෙන්නේ.
අද රජයේ කටයුතුවලට බලපෑම් කරන ජාත්‍යන්තර බලවේග වැඩි වෙලා එදා මම කියපුවට නඩු දාල මාව හිරේ දැම්මා.
අද මොකද වෙලා තියෙන්නේ මම කියපු හැමදේම සිද්ධවෙනවා ඒ ඒ පක්ෂවල නායකයන් කියනවා දැන් ජනාධිපතිවරයට පෙර ඔවුන්ගේ යම්යම් එකගතා තිබුනු බව මේවා ක්‍රියාත්මක වෙනවා අපි ඉදිරියේම දකින්න ලැබෙයි.

“මම කල්පනා කරනවා
මාව වැලිකඩ බණ්ධනාගාරේ තියලා
රනිල් වික්‍රමසිංහ මහත්තයට
නිදාගන්න පුළුවන් උනාද කියලා…”

Q22. කවදා හරි හිතුවද යු.එන්.පි. ආණ්ඩුවක් ආවාට මාංචු දාලා හිරේ යන්න වෙයි කියලා.

නැහැ කවදාවත් හිතුවේ නැහැ

මම අදත් ඒ ගැන කණගාටුවෙනවා මම කල්පනා කරනවා මාව වැලිකඩ බණ්ධනාගාරේ තියලා රනිල් වික්‍රමසිංහ මහත්තයට නිදාගන්න පුළුවන් උනාද කියලා මට ඒ ගැන ලොකු කණගාටුවක් තියෙනවා.

කවුරුත් නැති වෙලාවක මමයි රනිල් මහත්තයා ආරක්ෂා කලේ මම බන්ධනාගාරයේ පැදුරක නිදා ගනිද්දි එතුමාට ගෙදර සනීපෙට නින්ද ගියා නම් එකත් ලොකු දෙයක්
“තිස්ස අත්තනායකගේ බෑනාවරුන්ගේ සංගමය දවස් 03ක් ඇතුලත21,000ක් දෙනා ලයික් කරලා තිබුණා.”

Q23. තරුණ තරුණියන්ය ඉදිරි අනාගතය ගැන දේශපාලනය ගැන මොනවද ඔබතුමාට කියන්න තියෙන්නේ.

අද අන්තර්ජාල සමාජ වෙබ් අඩවි හරිම ප්‍රබලයි. ජනවාරි 08 වැනිදා වෙනසට මේ හරහා විශාල තල්ලුවක් ලැබුණා. බිත්තියේ අලවන පෝස්ටරයට වඩා පත්තරයට වඩා අද මේ දේවල් ජනප්‍රියයි.

මට මතකයි මම හිරේ ඉද්දි යම් කෙනෙක් නිර්මාණය කරල තිබුණා තිස්ස අත්තනායකගේ බෑනා වරුන්ගේ සංගමය කියලා එකක් එකට දවස් 03ක් ඇතුලත 21,000ක් දෙනා ලයික් කරලා තිබුණා.

මේක කොයි තරම් විශාල බලයක්ද කියලා මම තේරුම් ගත්තා ඇත්තටම අනාගතයේ මේ ක්‍රමය විශාල බලයක් වෙයි ඒ නිසා ඔවුන්ට යම් මතයක් හදන්න අනාගතයේ පුළුවන් වෙයි.

Q24. ඔබේ දියණිය දේශපාලනයට එනවාද දවසක

නැ කවදාවත් නැහැ ඇය දේශපාලනයට යාන්තමින්වත් කැමැත්තක් දක්වන්නේ නැහැ. මගේ දුවයි පුතයි විශේයෙන් මට වෙන දේවල් දකිනවා ඒ දෙන්නාට දැඩි ලෙස දේශපාලනය ගැන කලකිරීමෙන් ඉන්නේ

Last Updated ( Monday, 23 November 2015 )
 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons