Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Written by Admin   
Wednesday, 11 February 2015

මමත් ගත්තේ දේශපාලන තීන්දුවක්‌! එහෙම වුණා කියලා මේ ආකාරයට පන්න පන්නා පළිගැනීම පිළිකුල් සහගතයි

tissa_bail.jpgමෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර රහස්‌ ගිවිසුමක්‌ ඇති බවට ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී ව්‍යාජ ලේඛන සැකසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක මහතා රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ පෞද්ගලික ඇප දෙකක්‌ මත මුදා හරින ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (11 දා) නියෝග කළේය. සැකකාර හිටපු ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් හා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දක්‌වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.



දණ්‌ඩ නීති සංග්‍රහයේ ජාත්‍යන්තර දේශපාලන හා සිවිල් සම්මුතිය හා ජනාධිපතිවරණ පනත යටතේ සිදුකළ විමර්ශනයක්‌ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබු සැකකාර හිටපු ඇමැතිවරයා ඊයේ (11 දා) වන තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

නඩුව විභාගයට ගත් අවස්‌ථාවේදී සැකකාර තිස්‌ස අත්තනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාලිංග ඉන්දතිස්‌ස මහතා අධිකරණයට පෙන්වා දුන්නේ තිස්‌ස අත්තනායක මහතා මෙම ගිවිසුම සකස්‌ කළ බවට කිසිදු සාක්‍ෂියක්‌ නොමැති බැවින් ඔහු ඇපමත මුදාහරින ලෙසයි.

පැමිණිල්ල වෙනුවෙන් රහස්‌ පොලිසිය සමඟ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ වසන්ත පෙරේරා මහතා ප්‍රමුඛ නීතිඥවරු පිරිසක්‌ පෙනී සිටි අතර සැකකාර අත්තනායක මහතා වෙනුවෙන් නීතිඥ කාලිංග ඉන්දතිස්‌ස මහතා සමඟ නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු නීතිඥ කණ්‌ඩායමක්‌ පෙනී සිටියහ.

ඇප ලබා අධිකරණයෙන් පිටතට පැමිණි තිස්‌ස අත්තනායක මහතා මෙසේ කීවේය.

මට ලොකු විශ්වාසයක්‌ තිබුණා අධිකරණයෙන් මට සාධාරණය ඉටුවෙයි කියලා. ඒ නිසයි අධිකරණයෙන් නඩුව නැවත කැඳවන දිනය දක්‌වාම සිටියේ ඇප ලබා ගැනීමට. ඉදිරියටත් නිසි පරිදි නඩු විභාගයට මුහුණ දී මගේ නිර්දොaෂී භාවය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේ වනවිට රට පුරා විශාල පිරිසක්‌ මා වගේම දේශපාලන පලිගැනීම්වලට ලක්‌වෙමින් සිටිනවා. මා අවුරුදු තිහක්‌ එක්‌සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් දුක්‌ වින්දා. රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පක්‍ෂය තුළින්ම විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙද්දී මම ඔහු ආරක්‍ෂා කර ගැනීමට බෙල්ල දුන්නා. අද මට විශාල දුකක්‌ දැනෙනවා එ.ජා.ප. ය මට කරන මේ අකටයුතුකම් ගැන.

දේශපාලන තීන්දු ගැනීමට ඕනෑම කෙනෙකුට අයිතියක්‌ තිබෙනවා. මමත් ගත්තේ දේශපාලන තීන්දුවක්‌. එහෙම වුණා කියලා මේ ආකාරයට පන්න පන්නා පළිගැනීම පිළිකුල් සහගතයි. මා සිරගත කළ දවසේ පටන් හිටපු ජනාධිපතිතුමා ඇතුළු විශාල පිරිසක්‌ මගේ සුවදුක්‌ විමසීමට බන්ධනාගාරයට පැමිණියා. ඒ සියලු දෙනාටම මම ගෞරව කරනවා. ඉදිරියටත් පැමිණෙන ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමට මා ඉදිරිපත් වෙනවා.

හිටපු ඇමැතිවරු වන බන්දුල ගුණවර්ධන, ඩුලිප් විඡේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග යන මහත්වරුද තිස්‌ස අත්තනායක මහතාගේ දරු දෙදෙනා, සොහොයුරා ඇතුළු ඥති හිතවතුන් රැසක්‌ද ඒ මහතාට ඇප ලැබීමෙන් අනතුරුව ඔහු පිළිගැනීමට පැමිණ සිටියහ.
 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons