Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Written by Admin   
Monday, 26 January 2015

රනිල් අගමැති වුනේ එදා ඔහු රැක ගත් නිසා – තිස්ස

එක්සත් ජාතික පක්ෂයේ මෙම ජයග්‍රහණය එක් රාත්‍රියකින් ලබාගත් ජයග්‍රහණයක් නොව!! පක්ෂය විනාශ කිරීමට උත්සාහ කළ අවස්ථාවල පක්ෂය ආරක්ෂා කළ අයටද ජයග්‍රහණයේ යම් ගෞරවයක් හිමි විය යුතුයි.!!

11111111111111111wqqqqqqthi.jpgරනිල් වික්‍රමසිංහගේ නායකත්වය ආරක්ෂා කිරීමට තමන් ඇතුළු පිරිස ගෙන ගිය අරගලය නිසා අද ඔහුට අගමැතිධුරය දක්වා පැමිණීමට හැකිව ඇතයි  තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයා සඳහන් කළේ තමන් දැඩි අවදානමක් දරා එදා රනිල් වික්‍රමසිංහගේ නායකත්වය රැක ගැනීම නිසා අද ඔහුට රටේ අගමැතිධුරය දක්වා පැමිණීමට හැකිව තිබීම ගැන තමන් සතුටු වන බවයි.ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය දීමට ගත් තීරණය ගැන තමන් කනගාටු වන බව පැවසූ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මේ හේතුවෙන් අද තමන් යම් ආකාරයකට දේශපාලන හුදකලා වී ඇති බවද බීබීසීයේ අසාම් අමීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයාට සහය දීමට ගත් තීරණය තම හිත තුළ ඇතිවූ ආවේගය නිසා ගත් තීරණයක් බව පැවසූ මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සමගි කිරීමට ගත් උත්සාහය හේතුවෙන් පක්ෂයේ ඇතැම් පිරිස් සමග ඇතිවූ ගැටුම මෙම තීරණයට සෘජු ලෙස බලපෑ බව පැවසුවේය.

ජනාධිපතිවරණයෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ ඇමතීමට ගත් උත්සාහය අසාර්ථක වූ නමුත් සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා ඇතුළු අනිකුත් නායකයන් සමග තවමත් තමන් සබඳතා පවත්වන බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපතිවරණයේ තීරණාත්මක අවස්ථාවක ඉදිරිපත් කළ රනිල්-මෛත්‍රී ගිවිසුම තමාගේ නිර්මාණයක් නොවන බව පැවසූ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එය ලිපියක් මගින් තමන්ට ලැබුණු එකක් බව කියා සිටියේය.

එහි සත්‍යතාවය සොයා නොබලා වගකීම් විරහිත ලෙස එය ඉදිරිපත් කළේ ඇයි දැයි විමසූ විට ඔහු පැවසුවේ අදාළ ලිපියේ සඳහන් වූ කරුණු දෙමළ ජාතික සන්ධානය නිතරම මතු කළ කරනා නිසා ඔවුන්ගේ සහය ලබාගැනීමට මෙවන් එකඟතාවක් ඇති කර ගෙන ඇති බවට තමන්ට සිතුනු බවයි.

තිස්ස අත්තනායක නැවත එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර ගතහොත් එක්සත් ජාතික පක්ෂයේ නම “ලැජ්ජා නැති පක්ෂය” ලෙස වෙනස් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඊයේ ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳ විමසීමේදී තිස්ස අත්තනායක ප්‍රශ්න කළේ අද එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තලයේ සිටින නායකයන් කීදෙනෙක් මුල සිටම පක්ෂය සමග සිට ඇත්ද යන්නයි.

පක්ෂය හැර දමා පක්ෂය බරපතළ ලෙස විවේචනය කළ අය අද පක්ෂයට නැවත පැමිණ ඇති බව පැවසූ මන්ත්‍රීවරයා අද එවන් අය තම සාමාජිකත්වය ගැන ප්‍රශ්න කිරීම කණගාටුදායක තත්වයක් බව පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂයේ මෙම ජයග්‍රහණය එක් රාත්‍රියකින් ලබාගත් ජයග්‍රහණයක් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා පක්ෂය අමාරුවට වැටුණු අවස්ථාවල බර ඇද්ද නිසා මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බවයි කියා සිටියේ.

පක්ෂය විනාශ කිරීමට උත්සාහ කළ අවස්ථාවල පක්ෂය ආරක්ෂා කළ අයටද ජයග්‍රහණයේ යම් ගෞරවයක් හිමි විය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමන් ඉදිරියේ එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ මන්ත්‍රීවරයා ඔවුන් ඒ සඳහා ඉඩකඩ ලබා නොදුනහොත් වනත් දේශපාලන තීරණයක් ගැනීමට තමන්ට සිදු වන බව වැඩිදුරටත් කියා සිටියේය.

– BBC

 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons