Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Written by NOC   
Friday, 19 December 2014

'UNCLE NEPHEW PARTY' (UNP) එකේ පන්ති භේදය සහ අත්තනායක වාදය !!!!!

tissa-kandy-6.jpgතිස්සට මුකුත් බැහැ අඩුම ගානේ අපිත් එක්ක වයින් බොන්නවත්  දන්නෙත් නැහැ ,ගමේ ගොඩේ මිනිහෙක් ,තිස්ස ගිය එක හොඳයි."" අපි හිටියේ තිස්සව යවා ගන්න විදියක් නැතිව.""තිස්ස කියන්නේ ඡන්ද දිනන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි.""තිස්ස ගියා කියල අපිට කිසිම පාඩුවක් නැහැ.""තිස්ස ගිය නිසා පක්ෂය සුද්ද වුණා."මේ දවස්වල යූ.ඇන්.පී.එකේ දේශපාලනය නොකරන පක්ෂය පාලනය කිරිමට උත්සහ කරන යූ.ඇන්.පී කාරයන් කියන්නේ ඔන්න ඔය වාගේ කතාය. තමන්ගේ පක්ෂයේ මහ ලේකම් පක්ෂයෙන් අයින් වෙලා අනිත් පැත්තට ගියාම ඒ විදියට හිත සනසා ගන්නවා කියන්නේ හෙලුවෙන් ඉඳගෙන අත්දෙකෙන් ඇස් දෙක වහගන්නවා වාගේ වැඩකි. හෙලුවෙන් ඉන්න කෙනා තමන්ගේ අත් දෙකෙන් ඇස් දෙක වහ ගත්තාම තමාගේ හෙලුව තමන්ට නොපෙනෙයි.

ඒත් මුළු ලෝකයටම හෙලුව පෙනෙයි. තිස්ස ගියාම තිස්ස ගිය එක හොඳයි කියන අයත් අන්න ඒ වාගේ හෙලුවෙන් ඉඳගෙන අත් දෙකෙන් ඇස් දෙක වහගත්ත අය බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැත.

තිස්ස ගිය එක හොඳයි කියන යූ.ඇන්.පී.කාරයන් ඉස්සෙල්ලාම තිස්ස කියන්නේ කවුද කියලා දැනගන්න ඕනෑය ඊට පස්සේ තිස්ස ගියේ ඇයි කියලා දැනගන්න ඕනෑය. ඊට පස්සේ තිස්ස ගිය නිසා වුණේ මොකද කියලා දැනගන්න ඕනෑය. තිස්ස කියන්නේ පරම්පරාවෙන් දේශපාලන උරුමයක් නැතිව කන්ද උඩරට පිටිසර ගමකින් ආපු කෙනෙකි. තිස්ස එක්සත් ජාතික පක්ෂ දේශපාලනය පටන් ගත්තේ 1981 කැලණිය විශ්වවිද්‍යාලයේ එක්සත් ජාතික පක්ෂයේ සමවාදී ශිෂ්‍ය පෙරමුණෙන්ය. ශිෂ්‍ය ව්‍යාපාරය හරහා දේශපාලනයට ආ තිස්සට එක්සත් ජාතික පක්ෂය තුළ ඉස්සරහට එන්න පාර පෙන්නුවේ ප්‍රේමදාසය. ප්‍රේමදාස 89දී තිස්සට මහනුවරින් තරග කරන්න අවස්ථාව දුන්නේය. 89දී තිස්ස පාර්ලිමේන්තු එන්නේ ප්‍රේමදාසගේ මඟ පෙන්වීම යටතේය. 93දී ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා තිස්සට උසස් අධ්‍යාපන ඇමැතිකම දුන්නේය. ඊට පස්සේ අනුර බණ්ඩාරනායක යූ.ඇන්.පී. එකට ආපු වෙලාවේ තිස්ස තමන්ගේ උසස් අධ්‍යාපන ඇමැතිකම අනුර බණ්ඩාරනායකට පූජා කරලා විශ්වවිද්‍යාල කටයුතු පිළිබඳ ඇමැති ලෙස පත්වුණේය. එහෙම බලනකොට තිස්ස කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳන් එක්සත් ජාතික පක්ෂයට ආපු අය වෙනුවෙන් තමන්ගේ ඇමැතිකම පවා පූජා කරපු කෙනෙකි. තිස්ස යූ.ඇන්.පී. එක ඇතුළේ කළේ අන්න ඒ වාගේ දේශපාලනයකි.


ඉස්සර තිස්ස නතර වෙලා හිටියේ සිරිකොතේය. තිස්ස රෑට නිදා ගත්තේ සිරිකොතේ කාමරයක පැදුරක් දාගෙනය. අද තිස්සට ඇඟිල්ල දික් කරන අය එදා තිස්ස එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කළ මේ කැපකිරීම් ගැන දැනගන්න ඕනෑය. දන්නේ නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ පරණ නායකයන්ගෙන් අහලා දැනගන්න ඕනෑය. තිස්ස 2001දී යූ.ඇන්.පී. ආණ්ඩුවේ මධ්‍යම පළාත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 2006දී තිස්ස එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්කම භාර ගත්තේය.තිස්ස කියන්නේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හිරේ විලංගුවේ පවා වැටුණු කෙනෙකි. 2000 මහ මැතිවරණය වෙලාවේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව තිස්සව අත්අඩංගුවට ගත්තේය. තිස්ස 2000 මහ මැතිවරණය කළේ බෝගම්බර හිර ගෙදර ඉඳන්ය. 2001 මහ මැතිවරණයේදී යූ.ඇන්.පී. එකට බලයට එන්න පාර කපපු ජනබල මෙහෙයුම එවකට එක්සත් ජාතික පක්ෂ උප නායක ගාමිණී අතුකෝරළත් එක්ක එකතු වෙලා සංවිධානය කළේ තිස්සය. මහනුවර ඉඳන් කොළඹට පැමිණි ඒ පාගමනට ජනබල මෙහෙයුම කියන නම දැම්මේත් තිස්සය. ඒ වගේම 2005දී දෙවිනුවර ඉඳන් කොළඹට පයින් ආපු ජනබල මෙහෙයුම සංවිධානය කළේත් තිස්සය.එක්සත් ජාතික පක්ෂය පැරැදුණු හැම වතාවකම එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර ගන්න ඉස්සරහට ආවේ තිස්සය. හැබැයි තිස්ස එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මේ තරම් කැපකිරීම් කළත් තිස්සව හැමදාමත් තිබ්බේ කුස්සියේය. පෙරහරේ ගියේ කොටන් ඇද්ද අලි නොවේ.


තිස්සව පැත්තකට දාන්න ලොකුම වුවමනාව තිබ්බේ මංගලටය. මංගල 2008දී විපක්ෂයට ආවේ මහින්දගේ ආණ්ඩුව පෙරළන බවට පොර ටෝක් දීලාය. මංගල එදා කිව්වේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 28ක් අරන් එනවා කියලාය. ශ්‍රී ලංකා එකෙන් මන්ත්‍රිවරුන් 28ක් අරන් ඇවිල්ලා මහින්දගේ ආණ්ඩුව පෙරළන්න හදන අලුත් ආණ්ඩුවේ නියෝජ්‍ය අගමැතිකම තමන්ට ඕනෑ කියලා මංගල කිව්වේය. රනිලුත් හා කියලා ඒකට උඩින්ම කැමැති වුණේය. හැබැයි මේ හැම දෙයක්ම සිද්ධ වුණේ පක්ෂ මහ ලේකම් වුණු තිස්සට හොරෙන්ය. තිස්සව පැත්තකට දාලා කොන් කරන මෙහෙයුමේ ප්‍රධානියා වෙන කවුරුවත් නොව මලික් සමරවික්‍රම නමැති බිස්නස්කාරයාය. මලික්ලාගේ මංගලලාගේ කුමන්ත්‍රණ නිසා පක්ෂය තුළ කොන් වී හිටිය තිස්සව රනිල්ට ඕනෑ වෙන්නේ මංගලලාගේ ලණු දිරවා ගන්න බැරි වුණු විටය. රනිල් තිස්සව කොයි තරම් කොන් කරලා තිබ්බත් තිස්ස රනිල්ට විරුද්ධව වැඩ කළේ නැත. තිස්ස හැම වෙලාවේම එක්සත් ජාතික පක්ෂ නායකත්වය එක්ක හිටියේය. රනිල්ට තමන්ගේ පක්ෂ නායකත්වය අවුරුදු 6කින් දික් කරගන්න උදවු කළේ තිස්සය. රනිල්ට එරෙහිව ඇති වුණු කැරැලිවලදී රනිල්ව ආරක්ෂා කළේ තිස්සය.


2010 ජනාධිපතිවරණය වෙලාවේදී මංගලලා, අනුරලා එකතු වෙලා ෆොන්සේකාව ගේනකොටත් තිස්ස ඒ ගැන මුකුත් දැනගෙන හිටියේ නැත. හැබැයි ෆොන්සේකාගේ මැතිවරණ සටනට තිස්ස බැහැලාම වැඩ කළේය. අවංකවම ෆොන්සේකාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළේය. රනිල් ෆොන්සේකාගේ කකුලෙන් අදිද්දීත් තිස්ස ෆොන්සේකාගේ ජයග්‍රහණය වෙනුවෙන් බොක්කෙන්ම වැඩ කළේය.


රනිල් වෙනුවෙන් අවංකවම පෙනී හිටපු තිස්සට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා ගෙනයන්න නම් රනිල් - සජිත් එකමුතුව අත්‍යවශ්‍ය කාරණයක් බව තේරුම් ගත්තේය. කොළඹ ගලධාරි හෝටලයේ තිබ්බ රැස්වීමකදී තිස්ස ඒ යෝජනාව පක්ෂයේ උපායමාර්ගික සැලසුම් කමිටුවට ඉදිරිපත් කළේය. ඊට පස්සේ තිස්ස මැදිහත් වෙලා පහුගිය උෟව පළාත් සභා මැතිවරණය වෙලාවේදී පස්සර පැවැති සමුළුවේදී රනිල් හා සජිත් එකම වේදිකාවක නග්ගවලා පක්ෂයේ අභ්‍යන්තර සමඟිය තහවුරු කළේය. එක්සත් ජාතික පක්ෂයට උෟව පළාත් සභා මැතිවරණයේදී ඡන්ද වැඩිකර ගන්න පුළුවන් වුණේ රනිල් - සජිත් එකමුතු වෙලා ඡන්ද සටන මෙහෙයවපු නිසාය. ඉතින් එහෙම බලනකොට යූ.ඇන්.පී. එකට උෟවේ ඡන්ද වැඩි කරලා දෙන්න තිරය පිටුපස ලොකුම මෙහෙවර කළ කෙනා වෙන කවුරුවත් නොව තිස්සය.


හැබැයි තිස්ස රනිල් - සජිත් එකමුතු කරනකොට ඒකට ඊර්ෂ්‍යා කරන දෙතුන් දෙනෙක් පක්ෂය ඇතුළේ සිටියහ. ඒ මංගල, මලික් හා රවිය. ඒ අය හිතුවේ තිස්ස නිසා තමන්ට තැනක් නැති වෙයි කියලාය. තිස්ස මැදිහත් වෙලා සජිත්ට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය අරන් දුන්න නිසා මංගලත්, රවිත්, මලිකුත් තිස්ස එක්ක වෛර බැඳගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස මංගල තමන්ගේ මඩ වෙබ් අඩවි ජාලය ඔස්සේ තිස්සට මඩ ගහන්න පටන් ගත්තේය.
එතැනින් නොනැවතුණු මේ කල්ලිය පහුගියදා තිබුණු එක්සත් ජාතික පක්ෂය සමුළුවේදී තිස්ස කතා කරන විට කට්ටිය දාලා හූ කියවන්නට පවා කුමන්ත්‍රණය කළේය. අවසානයේදී මංගල - මලික් - රවි කල්ලියේ කුමන්ත්‍රණ හමුවේ තිස්ස පක්ෂය ඇතුළේ තනි වුණේය. කොන් වුණේය. සිරිසේන පොදු අපේක්ෂකයා කිරීම ගැන තීන්දු තීරණ ගන්න විට පක්ෂ මහ ලේකම් තිස්සට ඒ කිසිවක් දැනුම් දුන්නේ නැත.


සිරිසේනව පොදු අපේක්ෂකයා කිරීමේ තීරණය ගන්නට රනිල්ව තල්ලු කළේ මංගල - මලික් - රවි කල්ලියය. පොදු අපේක්ෂකයා ලෙස සිරිසේනව ඉදිරිපත් නොකළොත් තමන් මහින්දත් එක්ක එකතු වෙනවා කියලා මංගල රනිල්ට තර්ජනය කළේය. තමන්ගේ බොල්ගොඩ නිවෙසේදී මංගල ජනාධිපතිතුමාට බුරියානි පාටියකුත් දුන්නේය. මංගලට ඕනෑ වෙලා තිබුණේ තමන් මහින්ද එක්ක එකතු වෙනවා කියලා පෙන්නලා රනිල්ව බය කරන්නය. මංගලට ඒ උපදෙස දුන්නේ චන්ද්‍රිකාය. ඇත්තම කිව්වොත් මංගලත් මහින්දත් අතර අදටත් හොඳ යාළුකමක් තිබේ. මහින්ද මංගලගේ ගෙදර ඇවිල්ලා බුරියානි කන්නේ ඒ යාළුකම නිසාය.
හැබැයි චන්ද්‍රිකාට ඕනෑ වෙලා තියෙන්නේ මංගල තමන්ගේ පැත්තට බාගෙන මහින්ද එළවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලගන්නය. මහින්දගෙන් පළිගන්නය. චන්ද්‍රිකා ඒ සඳහා පාවිච්චි කරන්නේ සිරිසේනත් එක්සත් ජාතික පක්ෂයත්ය.
චන්ද්‍රිකා හදන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්ද ටික අරගෙන සිරිසේනව දිනවලා මහින්දව එළවලා මංගලත් එක්ක එකතු වෙලා අලුත් ආණ්ඩුවක් හදන්නය. සිරිසේන කියන විදියට ඒ ආණ්ඩුවේ අගමැති රනිල්ය.
හැබැයි චන්ද්‍රිකා මේ එන්නේ මොකාටද කියලා තිස්ස හොඳින්ම තේරුම් අරන් හිටියේය. ජනාධිපතිවරණ අපේක්ෂකයා රනිල් හෝ සජිත් වෙන්න ඕන කියලා තිස්ස කිව්වේ ඒ නිසාය. වෙන කෙනකු ඉල්ලනවා නම් එක්සත් ජාතික පක්ෂයෙන්, අලියා ලකුණෙන් ඉල්ලන්න ඕනෑ කියලා තිස්ස කිව්වේ ඒ නිසාය. ඇත්තටම තිස්සට ඕනෑ වෙලා තිබුණේ යූ.ඇන්.පී. ජනාධිපතිවරයෙකි. අලියාගෙන් ඉල්ලලා දිනන ජනාධිපතිවරයෙකි. කොළපාට ජනාධිපතිවරයෙකි. පෞද්ගලික කෝන්තර පිරිමහන්න චන්ද්‍රිකාට එක්සත් ජාතික පක්ෂයත්, එක්සත් ජාතික පාක්ෂිකයනුත් කුලියට දෙන්න තිස්සට ඕනෑ වෙලා තිබුණේ නැත.


හැබැයි මංගල - මලික් - රවි කල්ලියට ඕනෑ වෙලා තිබුණේ රනිල් - සජිත් සමඟිය කඩා දමා කොහොමහරි තම තමන්ගේ තැන් පක්ෂය තුළ රැකගන්නය.
මංගල - මලික් - රවි කල්ලියට තිබුණු ලොකුම ප්‍රශ්නය තමන්ගේ තැන රැකගැනීම වුවත් තිස්සට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණේ පක්ෂයත්, පාක්ෂිකයන්වත් කඩේ නොයවා ආරක්ෂා කර ගැනීමය. මංගල - මලික් - රවි කල්ලියේ බලපෑම මත සිරිසේනට පොදු අපේක්ෂකකම දෙන්න රනිල් ගත්ත තීරණයත්, එහිදී සිරිසේන එක්සත් ජාතික පක්ෂයට දුන් පොරොන්දුත් තිස්ස විසින් ප්‍රශ්න කරනු ලබන්නේ ඒ පසුබිම තුළය. සිරිසේනත්, චන්ද්‍රිකාත් යූ.ඇන්.පී. එකට පොරොන්දු වෙලා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැති ඇමැතිවරුන් 27 දෙනකු අරන් එනවා කියලාය. හැබැයි අද වෙනකොට සිරිසේනටවත්, චන්ද්‍රිකාටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගේන්න පුළුවන් වෙලා තියෙන්නේ මන්ත්‍රිවරුන් දෙන්නකු විතරය. ඒ දුමින්ද දිසානායකත්, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධනත්ය. රාජිත සේනාරත්න හා නවීන් දිසානායක කියන්නේ යූ.ඇන්.පී. එකේ ඉඳන් ආණ්ඩුවට කරණම ගහලා ආපහු යූ.ඇන්.පී. එකට කරණම ගහපු දෙන්නකු විනා සැබෑ ශ්‍රී ලංකාකාරයෝ නොවෙති. විපක්ෂයට ඇවිල්ලා ඉන්න අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය නොවෙති. ඒ අය දෙමළ, මුස්ලිම් පක්ෂවල මන්ත්‍රිවරුන්ය. ඉතින් තිස්ස ප්‍රශ්න කරන්නේ මන්ත්‍රිවරුන් දෙදෙනකු විතරක් ගෙනාපු සිරිසේන ඉදිරියේ ලංකාවේ විශාලම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දණ ගස්සවන එක හරිද කියලාය. මංගල - මලික් - රවි කල්ලියේ පෞද්ගලික අරමුණු ඉටු කරලා දෙන්නට, චන්ද්‍රිකාගේ වෛරය පිරිමහල දෙන්නට එක්සත් ජාතික පක්ෂයත්, එක්සත් ජාතික පාක්ෂිකයනුත් උකස් කරන එක හරිද කියලාය.
තිස්ස මතු කරන අනෙක් කාරණය වන්නේ සිරිසේනට පොදු අපේක්ෂකකම දෙන්න නම් ඔහු එකඟ විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරිපත් කළ කොන්දේසිවලට සිරිසේන කෙළින් උත්තරයක් දීලා නැති වීමය.


ඉතින් එහෙම බලනකොට තිස්ස කියන කතාවට එක්සත් ජාතික පාක්ෂිකයන්ට විරුද්ධ වෙන්න බැරිය. තිස්ස කතා කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයත් පාක්ෂිකයනුත් වෙනුවෙනි. තිස්ස එක්සත් ජාතික පක්ෂයෙන් යන්නේ තිස්සගේ මේ කිසිම අදහසකට කවුරුවත් ඇහුන්කන් නොදුන් නිසාය. තිස්සව පැත්තකට විසිකරලා දාලා තිබුණු නිසාය.
අන්තිමේදී එක්සත් ජාතික පක්ෂයට සිද්ධ වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ගන්න ගිහිල්ලා තමන්ගේ මහ ලේකම් නැති වෙච්ච එකය. අටුව කඩලා පුටුව හදනවා කියන්නේ ඔන්න ඔය වගේ වැඩවලටය.


අද යූ.ඇන්.පී. කාරයන්ට තිස්ස වාගේ උපන් ගෙයි යූ.ඇන්.පී.කාරයකු අහිමි වීමේ පාඩුව ලේසියෙන් මකා ගන්න බැරිය. සිරිසේන යූ.ඇන්.පී. එකට ඇවිල්ලා තිස්ස ආණ්ඩුවට ගියපු නිසා දැන් ආපහු දේශපාලන සටන පටන් ගන්න තැනටම ගිහින් තිබේ. මොකද දැන් දතට දත, ඇහැට ඇහැ ගලවලා ඉවරය. දැන් ඉතින් සිරිසේන ආවා කියලා සතුටු වෙලා වැඩක් නැත. තිස්ස ගිහිල්ලාය.
"තිස්ස වගේද සිරිසේන?"
"සිරිසේන ඡන්ද තියෙනවා. තිස්සට ඡන්ද නැහැ."
දැන් සමහරු ඔහොමත් කියති. යූ.ඇන්.පී. එකට හෙණ ගැහුවේ ඔන්න ඔය වාගේ මොට්ට යූ.ඇන්.පී.කාරයන් නිසාය. යූ.ඇන්.පී. එක කළේ හැමදාමත් තමන්ගේ පක්ෂයේ හිටිය දක්ෂයන් ටික, තරුණයන් ටික අරලියගහ මන්දිරයට එළවා දැමීමය. ඊට පස්සේ ඕකුන් ගියපු එක හොඳයි කීමය. දයාසිරිව එළවා ගත්තේත් ඒ විදියටය.
එක්සත් ජාතික පක්ෂයෙ ඉතිරි වෙලා ඉන්න දක්ෂයන් ටික එළවලා දමලා තමන්ගේ තැන රැකගැනීමේ මෙහෙයුමේ නිරත වෙන්න මංගල - මලික් - රවි කල්ලියට තවදුරටත් ඉඩ දුන්නොත් එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ඉතිරි වෙන්නේ ලන්සි පැපොල් හිපියන් කිහිප දෙනකු විතරය. ඉතින් තිස්සලා වාගේ සිරිකොතේ පැදුරේ නිදාගත්ත ඔරිජිනල් යූ.ඇන්.පී.කාරයන්ටත් අද පක්ෂය ඇතුළේ ඉන්න ඉඩ නොදෙන එකට විරුද්ධව හරිනම් යූ.ඇන්.පී.කාරයන් සිරිකොත වට කරන්න ඕනෑය.
කොහොම වුණත් තිස්සට ඡන්ද නැහැ කියන මංගල - මලික් - රවි කල්ලියේ යූ.ඇන්.පී.කාරයන්ගේ පහන් සංවේගය පිණිස 1989 ඉඳන් 2004 දක්වා මහ මැතිවරණවලදී තිස්සත් සිරිසේනත් ගත්ත මනාප ගණන් මේ විදියට ලියා තබමි.

1989 - මැතිවරණයේදී තිස්ස මනාප 27,788 ලබාගත් අතර සිරිසේන මනාප 13,652 ලබාගන්නා ලදී 
1994 - මැතිවරණයේදී තිස්ස මනාප 60,532 ලබාගත් අතර සිරිසේන මනාප 62,925 ලබාගන්නා ලදී
2000 - මැතිවරණයේදී තිස්ස මනාප 73,111ලබාගත් අතර සිරිසේන මනාප 57,072 ලබාගන්නා ලදී
2201 - මැතිවරණයේදී තිස්ස මනාප 99,381ලබාගත් අතර සිරිසේන මනාප 73.679 ලබාගන්නා ලදී
2004 - මැතිවරණයේදී තිස්ස මනාප 93,971 ලබාගත් අතර සිරිසේන මනාප 72,451 ලබාගන්නා ලදී

 

NOC

Last Updated ( Friday, 19 December 2014 )
 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons