Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Written by Admin   
Monday, 20 October 2014
අද මේ ආණ්ඩුව මේ රට චීන කොළනියක් කර හමාරයි!
ලංකාව වටේ තියෙන මුහුදේ මාළු අල්ලන්නේ අපේ ධීවරයෝ නෙමෙයි. චීන නැව්

 

11111111111111111wqqqqqqthi.jpgයුරෝපීය කොමිසම ශ්‍රී ලංකාවේ මාළු යුරෝපයට අපනයනය තහනම් කරමින් රතු නිවේදන නිකුත් කරලා. මෙයට සම්පූර්ණ වගකීම රාජපක්ෂ ආණ්ඩුව බාරගත යුතුයි. යුරෝපා කොමිසම කියන්නේ අවුරුදු 4 ක් තිස්සේ ලංකාවේ ආණ්ඩුවට අවවාද කළත් ප්‍රතිපලයක් නැති නිසා මෙසේ රතු නිවේදන නිකුත් කළ බවයි. මෙසේ රතු නිවේදන නිකුත් කිරීමේ එක් ප්‍රධානතම හේතුවක් විශාල චීන නැව් විස්සක් - තිහක් නිතරම ලංකාවේ කොඩිය ගහගෙන ජාත්‍යන්තර මුහුදේ නීති විරෝධී ලෙස මාළු ඇල්ලීම. මේ විදියට ලංකාවේ කොඩිය ගහගන්න ඒ නැවු වලට අවසර දීලා තියෙන්නේ ලංකාවේ ආණ්ඩුව බව යුරෝපා කොමිසමේ පරීක්ෂණ වලින් හෙළිවී තියෙනවා.


අද ලංකාව වටේ තියෙන මුහුදේ මාළු අල්ලන්නේ අපේ ධීවරයෝ නෙමෙයි. චීන නැව්. මුළු රටම විතරක් නෙමේ, මේ රටේ ධීවර කර්මාන්තයත් රාජපක්ෂ ආණ්ඩුව චීනෙට උගස් කරලා. තව ටික දවසකින් මේ රටේ වෙල්වල ලූල්ලු අල්ලන්න අයිතියත් චීන කොම්පැණිවලට බාරදේවි. හදිසියකට ලූලෙක්වත් අල්ලගන්න ලංකාවේ මිනිස්සුන්නට තියෙන අයිතිය නැතිවෙන්න වැඩි කලක් නැහැ. අද මේ ආණ්ඩුව මේ රට චීන කොළනියක් කර හමාරයි. රාජපක්ෂ ආණ්ඩුව හැම දේම කරන්නේ චීනේ යහපතට. අඩුම ගන්නේ හම්බන්තොට මිනිස්සුන්ගේ යහපතටවත් නෙමෙයි. හොඳම උදාහරණය තමයි පහුගිය නියඟය වෙලාවේ හම්බන්තොට මිනිස්සුන්ට නියං සහනාධාර දෙනවෙලාවේ රාජපක්ෂලා මොකද කලේ? සහනාධාර ලබාගන්න නම් දවස් ගාණක් චීන කොම්පැණි පාරවල්, වැව් හදන තැන්වල වැඩ කරන්න කිව්වා, වලවල් කපන්න කිව්වා. එහෙම කළොත් විතරයි නියං සහනාධාරේ දුන්නේ.

ඔන්න රාජපක්ෂලා හම්බන්තොට දුප්පත් මිනිස්සුනට සළකපු හැටි. චීන කොම්පැණි වල වහල්කම් කළොත් විතරයි නියං සහනාධාරෙත් දුන්නේ. අද නොරිච්චෝලේ ඉඳලා පාරවල් හදන එක දක්වා දෙන්නේ චීන කොම්පැණි වලට. නොරිච්චෝලේ විවෘත කළ දවසේ ඉඳලම කැඩිලා. දැන් හම්බතොට වරාය පාලනය කිරීමේ සම්පූර්ණ බලය චීනෙට පවරලා. වරායේ සභාපති කියන විදියට 2010 චීන වරාය හදන කොටම තමයි මේ බලය දෙන්න ආණ්ඩුව එකග වෙලා තියෙන්නේ. තව ටික දවසකින් ලංකාවේ කොඩියත් චීන කොඩියට මාරු කළොත් පුදුම වෙන්න දෙයක් නැහැ.

Last Updated ( Monday, 20 October 2014 )
 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons