Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Written by Admin   
Thursday, 09 October 2014

විපක්ෂයේ 80%ක් එජාපයයි 

tissa_mawubima.jpgශ්‍රී ලංකාව පුරා ඇති ඡන්දපොළවල් 15,000ක් අතුරෙන් උතුර නැඟෙනහිර හැර සෙසු පළාත්වල 12,000ක් වූ ඡන්ද පොළවල් සඳහා මේ වනවිට සංවිධායකයන් 12,000ක් පත්කර අවසන් බව එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි.මේ ඡන්දපොළ සංවිධායකයන්ගේ අනන්‍යතාව හඳුනාගෙන ඔවුන් මෙන්ම පාක්ෂිකයන් දිරිමත් කිරීම සඳහා එම සංවිධායක් 12,000 මේ මස 24 වැනිදා කොළඹ හයිඩ්පිටියේ පැවැත්වෙන සමුළුව සඳහා කැඳවන බවද මහ ලේකම්වරයා සඳහන් කරයි.



පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පණ්ඩිතරත්න ශ්‍රවණාගාරයේදී ඊයේ (6දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළ තිස්ස අත්තනායක මහතා ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති ආණ්ඩුව, පසුගියදා කොළඹ 07, ගේ‍රගරි පාරේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍යංශ ලේකම්වරුන් හය දෙනෙක් සහ ආණ්ඩුවේ ආයතන ප්‍රධානීන් හැට දෙදෙනක් ගෙන්වා ඇති බවත් රජයේ ආයතනවල මූල්‍ය හා පරිපාලන ප්‍රධානීන් වශයෙන් ඔවුන් දේශපාලන කටයුතුවල යෙදවීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට හා පරිපාලන නීති රීතිවලට සම්පූර්ණයෙන් පටහැනි ක්‍රියාවක් බවද ප්‍රකාශ කෙළේය.

විපක්ෂයේ ඡන්ද ප්‍රතිශතයෙන් 80ක් එජාපය සතු බව පෙන්වා දුන් මහ ලේකම්වරයා එසේ වුවද විපක්ෂයේ සියලු පක්ෂ හා සංවිධාන එකමුතු කරගෙන විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණක් ගොඩ නඟාගෙන රාජපක්ෂ ආණ්ඩුවට අන්ත පරාජයක් අත්කරදීම එජාපයේ අරමුණ බවත් එම ඉලක්කය කරා පහසුවෙන් ළඟාවීම සඳහා එම පක්ෂ හා සංවිධාන මෙන්ම ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමක් සමඟ මේ වනවිට පවත්වාගෙන යන සාකච්ඡා සාර්ථකවී ඇති බවද පැවැසුවේය. සියලුදෙනා එකතු කරගෙන අපේක්‍ෂකයා එන්නේ එ.ජා.ප.යෙන් යයිද අත්තනායක මහතා කීය.

ආණ්ඩුව මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් මහජන මුදල් දේපළ හා රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් ඉදිරි මැතිවරණයකට සූදානම් වන ආකාරය පිළිබඳ පසුගියදා එජාපය මැතිවරණ කොමසාරිස්වරයා දැනුම්වත් කළ බව කී අත්තනායක මහතා මැතිවරණයක් ප්‍රකාශ කළ දිනයේ සිට එය අවසන් වී දින 5ක් ගතවන තුරු අන්තර්ජාතික මැතිවරණ නිරීක්ෂණයන් යොදවන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබෙන බවද මහ ලේකම්වරයා කීවේය.

එළැඹෙන මැතිවරණයකදී එජාපයට හා ජවිපෙට මඩගැසීම සඳහා මහජන මුදලින් රුපියල් ලක්ෂ 250ක් වැයකර මේ දිනවල චිත්‍රපටයක් ආණ්ඩුව මඟින් රන්මිනිතැන්න ටෙලි ගම්මානයේ නිපදවන බවත් ඒවා රටපුරා ප්‍රදර්ශනය කිරීම සඳහා සිනමා තිර සවිකළ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් වාහන 17ක් සූදානම් කරගෙන යන බවත් පැවැසූ අත්තනායක මහතා මෙවැනි නීති විරෝධී කටයුතු සඳහා දේශපාලන බලපෑම් මත මහජන මුදල් වැය කිරීමට රජයේ වගකිව යුතු නිලධාරීන් ඉඩ නොතැබිය යුතු බව අවධාරණය කෙළේය.

මෙසේ නීති විරෝධී කටයුතු සඳහා මහජන මුදල් වැය කිරීමට ආධාර අනුබල දෙන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පැවැසූ මන්ත්‍රිවරයා තවදුරටත් මේ රටේ සොරකම් වංචා, දූෂණ, අක්‍රමිකතා රජ කරවීමට ජනතාව ඉඩ නොදෙන බවත් සඳහන් කෙළේය.
මේ වන විට එජාපය සිය පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත්ව ක්‍රියාත්මක කර පක්ෂයේ සමඟිය සහමුලින්ම ශක්තිමත් කර ඇතැයි කී අත්තනායක මහතා ඡන්දපොළ මට්ටමින් එක් ඡන්ද පොළකින් අවම වශයෙන් ඡන්ද 500ක් බැගින් ලක්ෂ 65ක ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීම එජාපයේ ඉලක්කය බව කීවේය. එම ඉලක්කය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා ඒකාබද්ධ වේදිකාවක් නිර්මාණය කිරීමේ කටයුතු ඔක්තෝබර් මාසයේ නිම කරන බවද ප්‍රකාශ කෙළේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර 17 වැනි සංශෝධනය බලාත්මක කර යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පොදු වේදිකාවක් නිර්මාණය කිරීමේ මූලික අරමුණ බවද මහ ලේකම්වරයා පෙන්වා දුන්නේය.
Last Updated ( Wednesday, 08 October 2014 )
 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons