Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Written by Admin   
Tuesday, 23 September 2014

අපි දිනුම් ! රටේ ජනතාවත් දිනන දිනය අත ලගයි !!

එජාපය නව තනතුරු රැසක් පත් කරමින් රෙජීමය පැරදවීමට මුලපුරයි:

unp-niyojya-naayaka.jpgමාස කිහිපයකට වරක් එජාපය විසින් ඇති කර ගන්නා විවිධ අර්බුද සඳහා විවිධ තනතුරු පිහිටුවමින් විසඳුම් සොයති. ඒ අනුව නවතම අර්බුද සමනය කිරීම සඳහා නවතම තනතුරු රැසක් අද(22) සවස පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේදී එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් රැස්වු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කරන ලදහ. එළැඹෙන ජනාධිපතිවරනයකින් ජයගැනීම මුල්තැනෙහි ලා සලකමින් මෙම වෙනස් කිරීම් සිදුකළ බව පැවසේ.යෝජනා ගෙන එමින් ජාතික නායක රනිල් කියා සිටියේ පක්ෂයේ සමගිය වෙනුවෙන් තමන්ට මෙම තනතුරු පත් කිරීමට සිදුව ඇති බවත් විරුද්ධව යමෙක් සිටින්නේ නම් ඒ පිලිබඳ පවසන ලෙසයි. කිසිවෙක් ඔහුට විරුද්ධ වූයේ නැත.

 

 

එජාප ව්‍යාවස්ථාව අනුව මෙකී පත් කිරීම් වලට දින 21 ක් යනතුරු විරුද්ධ විය හැකි අතර එසේ කිසිවෙක් විරුද්ධ නොවන්නේ නම් මෙම පත්වීම් නීත්‍යාණුකූල පත්වීම් බවට පත්වේ.

අද පත් කරන ලද තනතුරු මෙසේය.

නියෝජ්‍ය නායක - සජිත් ප්‍රේමදාස මහතා
උප නායක - රවි කරුණානායක (ජෝෂප් මයිකල් ඉල්ලා අස්විය)
ජාතික යොවුන් පෙරමුණු සභාපති - හරීන් ප්‍රනාන්දු (රුවන් විෙජ්වර්ධන ඉල්ලා අස්විය)
නියෝජ්‍ය මහා ලේකම් - අකිල විරාජ් කාරියවසම් (නව තනතුරකි)
ජ්‍යෙෂ්ඨ උප සභාපති - රංජිත් මද්දුම බණ්ඩාර
මැතිවරණ කටයුතු නියෝජ්‍ය මහ ලේකම් - තලතා අතුකෝරාල
භාණ්ඩාගාරික - එරාන් වික්‍රමරත්න

ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවට විසි දෙනෙක්ද පත් කැර ගනු ලැබුහ.

ඊට රනිල් සජිත් ඇතුළු නායකත්ව මන්ඩලයේ 7 දෙනාම අයත් වූහ. සියළු දෙනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ අතර ඊට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවූ එකම පුද්ගලයා වූයේ හරීන්ය. ජනාධිපතිවරණයකදී වැදගත් වන අගනුවර, එජාපයට බලය තිඛෙන කොළඹ නගරාධිපතිවරයා ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවට අයත් නොවීම විශේෂයකි.

පත් වූ විසි දෙනා මෙසේය.

රනිල් වික්‍රමසිංහ.
කරු ජයසූරිය
කබීර් හෂීම්
තිස්ස අත්තනායක
සජිත් ප්‍රේමදාස
මංගල සමරවීර 
රවි කරුනානායක
ලක්ෂ්මන් කිරිඇල්ල
විජේදාස රාජපක්ෂ
ස්වාමිනාදන්
රුවන් විජේවර්ධන
ගයන්ත කරුණාතිලක
තලතා අතුකෝරාල
රෝසි සේනානායක
එරාන් වික්‍රමරත්න
ජෝෂප් මයිකල්
රංජිත් මද්දුම බණ්ඩාර
හරීන් ප්‍රනාන්දු
ඇතුළු තවත් දෙදෙනෙක් විය.

 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons