Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release PDF Print E-mail
Written by Admin   
Thursday, 21 August 2014

ආණ්ඩුව 2050 දක්වා මේ රටේ උපදින දරු පරපුර ණයකරුවන් කොට අවසානයි !

එජාප 68 වැනි සංවත්සරය සැප්තැම්බර් 06 වැනිද පස්සර දී -තිස්ස අත්තනායක

tissa-attanayake-puttalam.jpgපළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂ ප්‍රචාරක කටයුතු ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් අපි ආරම්භ කළා. එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන ප්‍රචාරක රැස්වීම් මාලාව ලබන සැප්තැම්බර් 06 වන දා සිට ආරම්භ කරන අතර උඣීව පළාතේ සෑම මැතිවරණ කොට්ඨාශයකම අවම වශයෙන් එක රැස්වීමක් බැගින් පැවැත්වීම අපේ අරමුණයි. ඊට අමතරව පක්‍ෂයේ සෙසු නායකයින් සහභාගි වන ප්‍රචාරක රැස්වීම් 200 කට අධික සංඛ්‍යාවක් පවත්වනවා. එහෙත් අපගේ ප්‍රධාන අරමුණ ඡන්දපොළ මට්ටමින් ප්‍රචාරක වැඩසටහනක් සාර්ථකව සිදු කිරීමයි. අපගේ ප්‍රචාරක කටයුතු සැප්තැම්බර් 17 වැනිදායින් අවසන් කිරීමටත් තීරණය කොට තිබෙනවා.



ආණ්ඩුවට උඣීව පළාත් සභාවේ ප්‍රචාරක වැඩ කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා. ඊට ප්‍රධාන හේතුව පසුගිය පළාත් සභා මැතිවරණයේ දී රැකියා ලබාදීම, සංවර්ධනය හ සුභ සාධනය ආදී පොරොන්දු රැසක් ලබා දුන්නත් ඒ කිසිවක් ඉටු කිරීමට උඣීව පළාත් සභාව පසුගිය කාලය මුළුල්ලේ අසමත්වීමයි. එම නිසා ජනතාවට ආණ්ඩුව කෙරෙහි තිබූ විශ්වාසය අද වන විට සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබෙනවා.

එක්සත් ජාතික පක්‍ෂයේ 68 වැනි සංවත්සරය සැප්තැම්බර් 06 වැනි දිනට යෙදී තිබෙනවා. පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඇතුලූ බොහෝ දෙනෙක් උඣීව පළාත් සභා මැතිවරණ කටයුතුවල යෙදී සිටින නිසා එම සංවත්සරය බදුල්ල, පස්සර දී පැවැත්වීමට පක්‍ෂය තීරණය කළා.

මේ අතර ආණ්ඩුව සුපුරුදු පරිදි රජයේ දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන හා සංස්ථාවල මුදල් හා සම්පත් පියවරින් පියවර ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරයට යොදා ගනිමින් සිටිනවා. ආණ්ඩුවේ ඡන්ද ව්‍යාපාරයට අදාළ ඡන්ද නාම ලේඛනය රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සුරක්‍ෂිත අංශයේ වැඩ අංක 140631 යටතේ 2014 අගෝස්තු 09 සහ 10 දිනවලදී මුද්‍රණය කොට තිබෙනවා. එම ඡන්ද නාම ලේඛන බ්ට් 4870 වාහනයෙන් බෙදා හැර ඇති බවටත් තොරතුරු අනාවරණය වුණා. රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් එම ඡන්ද නාම ලේඛන මුද්‍රණය කිරීමත්, රජයේ වාහනවලින් ඒවා ප්‍රවාහනය කිරීමත් Vජු ලෙසම මැතිවරණයට බලපාන නිසා ඒ පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමට අපි බලාපොරොත්තු වනවා.

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පාඩු ලැබීම නිසා සේවක වැටුප් පවා ගෙවීමට නොහැකිව තිබිය දී එම සංස්ථාව ආණ්ඩුවේ අනුග්‍රාහක කටයුතු වෙනුවෙන් යොදා ගන්නවා. රජයේ ලිපි ලේඛන මුද්‍රණය කරන මුද්‍රණාලය දැන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මුද්‍රණ කටයුතු සිදු කරන මුද්‍රණාලය ලෙස භාවිතා කරනවා. රෙට රකින නිල් පවුර - සුරකිමු මව්බිමෙ නැමැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන නියෝජිත සම්මේලනයට කැඳවීමේ පත්‍ර ද රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කොට තිබෙනවා. දේශපාලන පක්‍ෂයක ලිපි ලේඛන මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලයට කිසිඳු අයිතියක් නැහැ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක කාර්යාලයට අදාළ ලිපි ගොනු ද රජයේ මුද්‍රණාලයේ දී මුද්‍රණය කිරීම ආයතන සංග්‍රහයේ මුදල් රෙගුලාසි උල්ලංඝණය කිරීමක් බව ද කිව යුතුයි. මුදල් රෙගුලාසියේ 682 මගින් දෛ්ශපාලනයේ නිරත පුද්ගලයින් සහ දේශපාලන පක්‍ෂ හුවා දැක්වෙන ප්‍රවෘත්ති පත්‍ර, අතිරේක හා දැන්වීම් මුද්‍රණය කිරීම අමාත්‍යාංශ ලේකම්වරයාට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට තහනම් වෙයි. මේ සම්බන්ධයෙන් උල්ලංඝණය වීම් කිසිවක් අනාවරණය වුවහොත් අදාළ නිලධාරීන් තමන්ට විරුද්ධ කවර හෝ විනයානුකඣල පියවරක් ගනු ලැබීමට ද, අතිරේක වශයෙන් අධිභාරයකට යටත් වන්නේයෙ යනුවෙන් සඳහන් කොට තිබෙනවා. එහෙත් එම නීති උල්ලංඝණය කරන්නේ කාගේ බලපෑමකට ද?

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය එම කටයුතු සම්බන්ධයෙන් වගකිව යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මුද්‍රණ කටයුතු සඳහා එම අමාත්‍යාංශයෙන් රජයේ මුද්‍රණාලයට නියෝග දී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන බල මණ්ඩල, කාන්තා පවුර, නිල බලකායේ රැස්වීම්, ජාතික සංවිධායක කාර්යාලයේ මෙහෙයුම් උත්සව, රට රකින නිල් පවුරේ ආරාධනා පත්‍ර සහ ඊට අදාළ ලිපි කවර ද රජයේ මුද්‍රණාලයේ දී මුද්‍රණය කොට තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක කාර්යාලය මගින් ජනමාධ්‍ය අමාත්‍යාංශයට එම මුද්‍රණ කටයුතු සිදු කිරීමට නියෝග ලබා දී තිබෙන අතර එම නියෝග අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2014 ජුනි 26 වැනි දා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මුද්‍රණ කටයුතු සිදු කරන ලෙස රජයේ මුද්‍රණාලයාධිපතිවරයාට දන්වා තිබෙනවා.

මුදල් ලබා ගෙන හෝ දේශපාලන පක්‍ෂවල ලියකියවිලි මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් සිදු නොකළ යුතු වුවත්, රජයේ මුද්‍රණාලයාධිපතිවරයා විසින් ඒ සියල්ල මුද්‍රණාලයේ රහස්‍ය අංශයේ දී මුද්‍රණය කරන ලෙස නියෝග කොට තිබෙනවා. මුද්‍රණාලයාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආරාධනා පත්‍ර වාණිජ අංශයේ දී මුද්‍රණය කළ බව පිළිගත්තේ යැයි පුවත්පත් මගින් අනාවරණය වුණා. රජයේ මුද්‍රණාලයේ වාණිජ අංශයේ දී මේ මුද්‍රණ කටයුතු කළ බව පැවසීම අමූලික බොරුවක් වුවත්, වාණිජ අංශයේ දී හෝ දේශපාලන පක්‍ෂයක ලියකියවිලි මුද්‍රණය කිරීමට නීතිමය අයිතියක් නැහැ.

ලොතරැයිපත්, මුද්දර හා ප්‍රශ්න පත්‍ර ආදී රහස්‍ය මුද්‍රණ සිදු කරන රජයේ මුද්‍රණාලයේ රහස්‍ය අංශය අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මුද්‍රණ කටයුතු වෙනුවෙන් භාවිත කරනවා. ඒ සඳහා මුදල් ගෙවන්නේ කවුද යන්න සහ ඒ පිළිබඳ ගනු ලබන ක්‍රියාමාර්ග කුමක්දැයි ආණ්ඩුව ප්‍රකාශ කළ යුතුයි.

රට තුළ කොතෙකුත් ප්‍රශ්න තිබිය දී පළස්තීනයට අමෙරිකානු ඩොලර් මිලියනයක් හෙවත් රුපියල් ලක්‍ෂ 1300 ක් පරිත්‍යාග කොට තිබෙනවා. පළස්තීනයේ අවතැන්වූවන්ට සහනාධාර ලබාදීමට එම මුදල් පරිත්‍යාග කොට තිබුණත් එවැනි විශාල පරිත්‍යාග කිරීමට රාජ්‍ය නායකයාට බලයක් නැහැ. එවැනි පරිත්‍යාග සිදු කරන්නේ නම් ඒවා අනුමත කරන පිළිවෙළක් තිබිය යුතුයි.

මීට පෙරත් උගන්ඩාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් සහ ජල යෝජනා ක්‍රමයක් ඇති කිරීමට මුදල් ලබා දුන්නා. ඊට පසුව මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයාගේ නිවසට යාම සඳහා මෙහින්ද රාජපක්‍ෂ මාවතෙ ඉදිකිරීම සඳහා ලක්‍ෂ 500 ක මුදලක් පරිත්‍යාග කොට තිබුණා.

අද ලෝකයේ ණය බර වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාව මුල්තැනක් ගන්නවා. සෑම පුරවැසියෙකුගේම ඒකපුද්ගල ණය ප්‍රමාණය ලක්‍ෂ තුනහමාරක් දක්වා වැඩි වෙලා. අපි ණය ලබා ගන්නේ අපට නැති නිසයි. එවැනි පසුබිමක ණයට ලබා ගෙන හිතුමතේ මුදල් පරිත්‍යාග කිරීමට ආණ්ඩුව ක්‍රියා කරනවා. පලස්තීනයෙන් පසුගිය දා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට පෙළස්තීන තරුවෙ නැමැති සම්මානයක් ලබා දුන්නා. එම සම්මානය වෙනුවෙන් ඩොලර් මිලියනක් පරිත්‍යාග කොට ඇති බව පැහැදිලිව පෙනෙනවා.

අපේ රටේ මොණරාගල, අනුරාධපුර, පොළොන්නරුව ආදී ප්‍රදේශ රැසකම ජනතාව පානීය ජලය නොමැතිව විශාල ලෙස දුක් වි¼දිනවා. රාජ්‍ය නොවන ආයතන මෙන්ම වෙහෙර විහාරස්ථාන ඇතුලූ ආගමික සංවිධාන එම ප්‍රදේශවල ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා මහජනතාවගෙන් ආධාර බලාපොරොත්තු වන බව අප පසුගිය කාලයේ දී දුටුවා.  එම ජලය පරිත්‍යාග කරන විට එම ප්‍රදේශවල දිසාපතිවරුන් තම ප්‍රදේශවලට මහජන ආධාර ලබා දෙන ලෙස ද ඉල්ලා සිටිනවා. එලෙස රටේ ජනතාව නියඟයෙන් පීඩාවට පත්වී සිටිද්දී ඔවුන්ට ආධාර නොදෙන රාජපක්‍ෂ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් ලෝකය වටේ මුදල් බෙදා දීම පුදුම සහගතයි.

නියඟයෙන් පීඩා වි¼දිනවාට අමතරව ජනතාවට රෝහල්වලින් ලබා දෙන්නේ බෙහෙත් වෙනුවට තුණ්ඩු පමණයි. එමෙන්ම හදවත් ඇතුලූ විවිධ සැත්කම් සඳහා යොමු කළ යුතු රෝගීන් විශාල පිරිසක් මාස ගණනක් තිස්සේ පොරොත්තු ලේඛනයේ සිටිනවා. ඊට පිළියම් යොදන්නේ නැති ආණ්ඩුව විදේශ රටවලට තෑගි ලබා දෙනවා.

වැඩ කරන ජනතාව තමන්ට ජීවත් වීමට නොහැකි බවට විශාල අරගලයක යෙදී සිටියත් ආණ්ඩුව ඒ පිළිබඳ කිසිඳු තැකීමක් කරන්නේ නැහැ. එමෙන්ම පාසල් දරුවන්ට නිසි වේලාවට නිල ඇඳුම් හා පොත්පත් ලබාදීමට අසමත් වුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ විවිධ ප්‍රශ්න තිබෙන අතර අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමට ආණ්ඩුවට මුදල් නැහැ. එමෙන්ම ප්‍රදේශ රැසකම ජනතාව වන අලි කරදරයෙන් පීඩාවට පත්වෙලා. ඔවුන් ආරක්‍ෂා කර ගැනීමට අලි වැට ඉදිකිරීමටවත් මුදල් ලබාදීමට ආණ්ඩුවට පුලූවන්කමක් නැහැ. අපේ රටේ ජනතාව දුක් වි¼දිමින් සිටිය දී ඔවුන්ට සහනාධාර සඳහා මුදල් වියදම් කරන්න බැරි ආණ්ඩුව විදේශ රටවලට මුදල් පරිත්‍යාග කරනවා.

රටවල් අතර ආපදා අවස්ථාවලදී විවිධ හුවමාරු කිරීම් කටයුතු සිදු කරනවා. ශ්‍රී ලංකාවත්, වෙනත් රටවල් අතරත් මීට පෙර එවැනි හුවමාරු කිරීම් සිදු වුවත් මුදල් පරිත්‍යාග කිරීමක් සිදු කොට නැහැ. ශ්‍රී ලංකාවෙන් පරිත්‍යාග කොට තිබෙන්නේ තේ ඇතුලූ නිෂ්පාදන පමණයි. නමුත් මේ ආණ්ඩුව ණයට ලබාගත් මුදල් වලින් විවිධ පරිත්‍යාග කරමින් සිටිනවා.

චීන ජනාධිපතිවරයා ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඔහු පැමිණි පසුව තවත් ණය ගැනීම් සඳහා වූ ගිවිසුම් අත්සන් කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. සරත් අමුණුගම අමාත්‍යවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදී පිළිගත් මුල්‍ය ආයතනවලින් ශ්‍රී ලංකාවට ණය ගැනීමේ හැකියාව අඩු වී ඇති බවත්, එම නිසා වෙනත් මූල්‍ය ආයතනවලින් ණය ගැනීමට සිදුව ඇති බවත් අවධාරණය කළා. එම ප්‍රකාශය ඉතාමත්ම බරපතළ ප්‍රකාශයක් බව කිව යුතුයි. පිළිගත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ සංවිධාන ශ්‍රී ලංකාවට ණය දීම සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙන්නේ  ශ්‍රී ලංකාව අධික ණය බරතාවකින් පෙළෙන නිසයි.

ආණ්ඩුව 2050 දක්වා මේ රටේ උපදින දරු පරපුර ණයකරුවන් බවට පත් කොට අවසානයි. තවදුරටත් ණය ගැනීම තුළ 2070 දක්වා ඉපදීමට සිටින දරු පරපුරත් ණයකරුවන් බවට පත් කරමින් සිටින බව ද තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.
Last Updated ( Thursday, 21 August 2014 )
 
< Prev   Next >

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons